ජපාන ආයෝජකයන්ට ජනපතිගෙන් ආරාධනා

  👤  3720 readers have read this article !
By mawbima 2018-03-14

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ආයෝජන සමුළුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.
දෙරටේම ආයෝජකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සමුළුවේදී දෙරට අතර ආර්ථික බැඳීම තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳවද පුළුල් අවධානය යොමු කෙරිණි.

ක්ෂේත්‍ර රැසක නව ආයෝජන සඳහා ඉඩප්‍රස්තා රැසක් අද ශ්‍රී ලංකාව තුළ පවතින බවත් ඒ සඳහා තමන් ජපාන ආයෝජකයන්ට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවැසීය.

ආයෝජකයන් ඇමතූ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ ක්ෂේත්‍ර ගණනාවකදී සහයෝගයෙන් කටයුතු කරන අතර ජනාධිපතිවරයාගේ මෙම සංචාරයත් සමඟ එම සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.
ජපාන පාර්ලිමේන්තු, ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි මහතාද මෙම සමුළුවට එක්ව සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon