නුවරඑළියේ ජනතාවගෙන් 32%ක් උසින් අඩුයි: 26%ක් බරිනුත් අඩුයි

  👤  3697 readers have read this article !
By mawbima 2018-03-14

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාවගෙන් සියයට 32ක ප්‍රමාණයක් උසින් අඩු බවත් 26%ක් නියමිත බරින් අඩු බවත් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් හෙළිකොට ඇතැයි පෙරේදා (12දා) පැවැති නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය.
පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී මෙසේ හෙළි කොට තිබේ.

මේ අනාවරණය ගැන එම සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වී සිටි නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සේනක තලගල මහතාගෙන් සංවර්ධන කමිටු සම සභාපති එස්. බී. රත්නායක මහතා විමසා සිටි අවස්ථාවේදී අධ්‍යක්‍ෂවරයා පවසා සිටියේ එය සත්‍යයක් බවයි.
දිගුකාලීන මන්දපෝෂණය ඇතුළු කරුණු ගණනාවක් මේ සඳහා බලපා ඇති බවත් එම කරුණු හෙළි කර ගැනීම සඳහා වෙනම සාකච්ඡාවක් පැවැත්විය යුතු බවටද අධ්‍යක්‍ෂවරයා යෝජනා කෙළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon