ඊළාම් බැංකුවක පාස් පොත් තොගයක් වළකින් මතුවෙයි

  👤  3611 readers have read this article !
By mawbima 2018-03-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චියේ වැසියන්ට රුපියල් කෝටි ගණනක් අහිමි කළ ඊළාම් බැංකුවක පාස් පොත් ගණනාවක් කිලිනොච්චියේ වළකින් මතුවී තිබේ.
කිලිනොච්චියේ වැසියකු වැසිකිළි වළක් කැපීමට ගිය අවස්ථාවේදී පොලිතීන් උරයක බහා වළලා තිබූ මේ පාස් පොත් තොගය හමු වී ඇත.
කිලිනොච්චිය ඇතුළු උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔවුන්ගේ ඊළාම් බැංකු පවත්වාගෙන ගිය කාලයේදී එම බැංකු විසින් විවිධ ගිණුම් වර්ග හදුන්වා දී තිබිණි.
බාල වයස්කාර ගිණුම් සඳහා විශාල පොලියක් ලැබුණු අතර උතුරේ රජයේ සේවකයන් මෙන්ම සෙසු පිරිස්ද එකල බාල වයස්කාර ගිණුම් විශාල සංඛ්‍යාවක් පවත්වාගෙන යන ලදී.

මීට අමතරව ස්ථිර ගිණුම්, ධනයෝජන ගිණුම් ආදී වශයෙන් ගිණුම්ද කාන්තාවන් හා පාසල් ළමයින් වෙනුවෙන් තවත් විශේෂ ගිණුම්ද එම බැංකුවල පවත්වාගෙන ගිය අතර උතුරේ වැසියන් එම ගිණුම්වල ආයෝජනය කරන ලද මුදල් සියල්ලම අපතේ යන ලදී.

යුද්ධය හමාර වීමත් සමඟම ඊළාම් බැංකුද අහෝසි වූ අතර එම ගිණුම්ද පලක් නොමැති ගිණුම් බවට පත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon