ආහාර හා ජලය හිඟවී අම්පාරට අලි රංචුවක් ඇවිත්

  👤  3711 readers have read this article !
By mawbima 2018-03-14

දඹුල්ල - කේ. කේ. ආරියදාස

මේ දිනවල දිවයින පුරා වී අස්වනු නෙළීම ආරම්භ කොට තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල වී අස්වනු නෙළීම අවසන්ව පවතී. ඒ සමඟම මහ ගන කැලෑවේ සිටින වල් අලි පැවැති වියළි තත්ත්වය නිසා ආහාර හිඟයක් මෙන්ම ජල හිඟයකින් පීඩාවට පත්ව සිටිති.

පසුගියදා වී අස්වනු නෙළා අවසන්ව පැවැති අම්පාර නගර මධ්‍යයේ පිහිටි විශාල කුඹුරු යායකට වල් අලින් 40ක පමණ කණ්ඩායමක් පැමිණ සිටින අයුරු අප කැමරාවේ සටහන් කර ගැනීමට හැකිවිණි. මෙම වල් අලි කණ්ඩායම කුඹුරු මැදින් නියර දිගේ පෝලිමේ ගමන් කරමින් කුඹුරට අෑතින් පිහිටි වැවට බැස දිය බී ජලය මැදින් පෝලිමේ ගමන් කරන අපූරු දර්ශන පෙළක් අප කැමරාවේ සටහන් කර ගැනීමට හැකියාව ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon