මහසෝන් නායකයා කරපු කියපු දේවල් අද හෙටම අපි රටට හෙළි කරනවා

  👤  3852 readers have read this article !
By mawbima 2018-03-14

ෆේස්බුක් කල්ලියක් මුළු රටේම ජාතිවාදය පතුරුවා හැර ඇත්තේ කිහිප දෙනකුගේ අවශ්‍යතාව නිසා හා කැමැත්ත නිසා බව අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවැසුවේ පසුගියදා බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි.
එහිදී අමාත්‍යවරිය මෙසේද පැවැසුවාය.

අපි අවුරුදු තිහක් තිස්සේ මේ රටේ ජාතිවාදී ප්‍රශ්නයක් නිසා දුක් විඳපු ජාතියක්. එදා ගෙදරින් එළියට ගිය මනුස්සයා එනකම් අපිට විශ්වාසයක් තිබුණේ නැහැ. අපිට බෝම්බ ගැන බියක් තිබුණා. සමහර වෙලාවට යාපනය ගැන කතා කළේ වෙනත් ප්‍රදේශයක් හැටියට. රජයේ සේවකයෙක් හැටියට බැඳිලා ඉන්නවා ඕනෑම තැනක සේවය කරන්න. රටේ ඕනෑම තැනක රාජකාරි කරන්න. නමුත් එදා ඒ ප්‍රදේශවල යන්න හැකියාවක් තිබුණෙ නෑ. අවුරුදු තිහක් පුරාවට රට පුරා ඇවිළී ගිය ගිනි දැල් හමුවේ අංගවිකල තත්ත්වයට පත්වුණු හමුදාවේ තරුණ තරුණියන් සිය දහස් ගණනක් අපි අතර ඉන්නවා. ඒ වගේම විශාල පිරිසක් ජීවිතයෙන් වන්දි ගෙව්වා. කී දෙනෙක්ගේ ලේවලින් මේ මහපොළොව තෙත් වුණාද?

වඳ බෙහෙත් සිද්ධියේ වාර්තාව රජයේ රස පරීක්ෂකතුමා අම්පාරට ලබාදීලා තිබෙනවා. නඩුව දහතුන් වැනිදා. ඒ රස පරීක්ෂක වාර්තාවේ තිබෙන විස්තරේ එළියට දාපුවාම ඕගොල්ලන් පුදුම වෙයි. ඒ වගේම තෙල්දෙණිය නුවර ගිනි තිබ්බේ කවුද? මතක තියාගන්න දැන් නීනිය තදයි. අපි යහපාලනය කියලා ගෙනිච්ච නිසා සමහර අයට දැනුණේ නෑ මේක තිබෙන වෙනස. ඒත් වෙනස ඇති කරන්න තමයි අද රටේ තිබෙන විවිධ දේවල් නතර කරලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙන්නේ.
පොලිසිය සාකච්ඡා පවත්වන අවස්ථාවේ එක විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවලු මේ ප්‍රශ්නයට ආණ්ඩුව තමයි වගකියන්න ඕනි කියලා. ආණ්ඩුව ඉන්නේ වගකීම භාරගෙන. ආණ්ඩුව ඉන්නේ වගකීම භාර ගන්න විතරක් නෙවෙයි ඒවා මැඬපවත්වන්නට ආණ්ඩුව ඉන්නවා කියන එක මම කියන්න කැමැතියි. අපි ආණ්ඩුවක් හැටියට මොනම හේතුවක් නිසාවත් මේ රටේ ජීවත් වෙන කිසිම මනුස්සයකුගේ අයිතිවාසිකම් නැති වෙන විදියට අපි කටයුතු කරන්නේ නැහැ.

ජනාධිපතිතුමා හා අගමැතිතුමා හරියට බලාගෙන අවශ්‍ය දේ කරනවා කියන එක මම වගකීමෙන් කියනවා. මම සන්තෝස වෙනවා කුරුවිට සිද්ධිය ඇරෙන්න රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වගේ ප්‍රශ්නයක් ඇති නොවී සියලුම ආගම් අදහන ජනතාව හොඳින් ජීවත් වන පරිසරයක් තිබීම පිළිබඳව. මේ වගේ සිද්ධිවලට මූලික වෙලා වැඩ කරන අය මේ දේවල් කරන්නේ තමන්ගේ පැවැත්මට. අපි තව ටික දවසකින් අත්අඩංගුවට අරගෙන ඉන්න මහසෝන් බළකායේ නායකයා යැයි පවසන පුද්ගලයා කරපු කියපු හැම දෙයක්ම සියලු දෙනාටම දැනගන්න සලස්සනවා. ඒ විතරක් නෙවෙයි ඒ අයට දඬුවම් දෙනවා. සමහර වෙලාවට මැතිවරණය ජයග්‍රහණය කරනවා. සමහර වෙලාවට අපි පරදිනවා. හැබැයි මේ දෙකටම හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ දක්ෂයන්ට විතරයි.

බළන්ගොඩ - නලින්ද වලේබොඩ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon