ලංකාවේ තිසර අඩුපාඩු ගැන කතා කරද්දී ඉන්දියාවේ තාකූර් අභියෝග ජයගත් හැටි කියයි

  👤  3684 readers have read this article !
By mawbima 2018-03-14

2018 නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පසුගියදා ඉන්දියාව සමඟ පැවැති තරගයේදී කඩුලු 6කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට අවසන් තරගයට පිවිසීමට නම් 16දා බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුව තිබේ.

කෙසේ වෙතත් අද ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයෙන් බංග්ලාදේශය ජයගතහොත් කණ්ඩායම් දෙකම (ඉන්දියාව හා බංග්ලාදේශය) මුළු ලකුණු 4 බැගින් ලබා ගන්නා බැවින් 16දා බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන තරගය වැඩි ලකුණු පරතරයකින් ශ්‍රී ලංකාව ජයගත යුතුව ඇත.

මේ අතර ඉන්දියාව සමඟ පැවැති තරගය පරාජයට පත්වුණේ තම කණ්ඩායමේ පිතිකරණ සැලසුම් සාර්ථක නොවූ නිසා බව තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා වැඩ බලන නායක තිසර පෙරේරා පැවැසීය. "කුසල් (මෙන්ඩිස්) ඉතා හොඳින් පන්දුවට පහර දුන්නත් අනෙක් පිතිකරුවන්ට ලකුණු අතරට එන්න බැරි වුණ එකයි අපේ පරාජයට බලපෑවේ. තව ලකුණු 25-30ක් විතර ලබාගත්තා නම් තරගය මෙයට වඩා වෙනස් ස්වරූපයක් ගන්න තිබුණා. ඒක තමයි අපේ පරාජයට බෙහෙවින්ම බලපෑවේ. කොහොම වුණත් පළමු තරගයේදී හැරෙන්න අනෙක් තරගවලදී අපිට පැහැදිලි යමක් කරන්න බැරි වුණා. ඒ ගැන කනගාටුවක් තියෙනවා" යැයි පැවසූ තිසර පෙරේරා අවසානයේදී මනිෂ් පාන්ඩේ හා දිනේෂ් කාර්තික් තරගයේ ජයග්‍රාහී වටපිටාව ඉන්දියානුවන් වෙත ළඟා කළ බවද කීය.

මේ අතර ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගයේදී ලකුණු 27කට කඩුලු 4ක් ලබාගනිමින් තරගයේ වීරයා බවට පත්වූ ෂර්දුල් තාකූර් පැවැසුවේ තමන් අභියෝගවලට ඉතාමත් කැමැති බවය. "පළමු තරගයේදී මම දැඩි ප්‍රහාරයකට ලක්වුණ නිසා ඉදිරි තරගවලදී සාර්ථක වෙනවා කියලත්, අපේ ජේ‍යෂ්ඨ පන්දු යවන්නන් කිහිප දෙනකුම කණ්ඩායමේ නැති වෙලාවෙ මම මොකක් හරි කරන්න ඕන කියලත් මම හිතාගත්තා. කොහොමත් මම අභියෝගවලට කැමැති කෙනෙක් නිසා මේ දුර්වලතා මඟහරවා ගන්න මට පුළුවන් වුණා" යැයිද තාකූර් සඳහන් කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon