ශ්‍රී ලංකාවේ විප්ලවීය පරිවර්තනයක් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සමත් වී තිබෙනවා

  👤  3630 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (17).jpg (600×350)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇත්තේ විප්ලවීය පරිවර්තතනයක් බවත්, කලාපයේ අත්දැකීම් බහුල නායකයකු වන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය කලාපයටම මහඟු ආදර්ශයක් බවත් බංග්ලාදේශ කතානායිකා ශිරින් ෂාමිං චදූර් (ඉඩඪපඪද ඵඩචපථඪද ජඩචභඤඩභප) මහත්මිය ප්‍රකාශ කරයි.

බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ කතානායකවරිය අතර හමුව පසුගිය (14දා) ඩකා අගනුවරදී පැවැත්වුණු අතර එහිදී කතානායකවරිය මේ බව ප්‍රකාශ කළාය.
දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර දෙරටේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අවධානය යොමු විය.

පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතු අතරම එහි ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වැදගත්කම ද පැහැදිලි කළ ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වන මන්ත්‍රිවරුන් පුහුණු කිරීමේ වැඩසටහන්වල වැදගත්කමද පෙන්වා දුන්නේය.

තමා සිය අසීමිත බලය පාර්ලිමේන්තුව වෙත පවරාදුන් ජනාධිපතිවරයෙක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා තමා සතු බලය තවදුරටත් පාර්ලිමේන්තුව වෙත පවරා දීමට අවශ්‍ය වුවද ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඊට ඉඩක් නොලැබුණු බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබා ගනිමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට තමාට හැකිවූ බව සඳහන් කළ ජනාධිපතිවරයා පාලකයකුට අහිතකර බලතල බොහොමයක් ඉවත් කරමින් ස්වාධීන කොමිෂන් සභා හරහා ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ නව පිටුවක් පෙරළීමට ඒ තුළින් හැකිවූ බවද කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්