වෘත්තීය සමිතිවල සහ හාම්පුතුන්ගේ විරෝධය ගැන ආණ්ඩුව දැනුම්වත් කරනවා

  👤  3679 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (23).jpg (600×350)

ජේ.ටී. ද සිල්වා

සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමේදී සියයට 14ක බද්දක් අය කිරීමට සැලසුම් කිරීම පිළිබඳව වෘත්තීය සමිති හා හාම්පුතුන් දැඩි විරෝධයක් පළ කරන බැවින් මේ ක්‍රියාමාර්ගය නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් වහාම ආණ්ඩුව දැනුවත් කරන බව කම්කරු වෘත්තීය සමිති සබ¼දතා හා සබරගමුව සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පවසයි.

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ගේ ප්‍රතිලාභ ලබා ගැනීමේදී සියයට දාහතරක බද්දක් අය කිරීමට සැලසුම් කිරීම පිළිබඳව කම්කරු ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී වෘත්තීය සමිති දැඩි විරෝධයක් පළ කළ අවස්ථාවේ හාම්පුතුන්ගේ සම්මේලනය ද ඊට පක්‍ෂව අදහස් පළකර ඇත.
මෙම අමතර බදු පැනවීම වැඩි කර ජනතාව කුපිත කරවන ක්‍රියාමාර්ගයක් විය හැකි බව ද වෘත්තීය සමිති මෙහිදී අවධාරණය කර ඇත.

රටේ ජනතාව මේ වන විට විවිධ සෘජු සහ වක්‍ර බදු රැසකින් පීඩාවට පත්ව ඇති බවත් වැඩ කරන ජනතාවගේ විශ්‍රාම දිවියේ සුබසාධනය ස¼දහා ඔවුන් විසින් දුක් මහන්සියෙන් රැස් කරගත් අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභයටත් මෙලෙස බද්දක් පැනවීම ඉතාමත් අසාධාරණ ක්‍රියාවක් බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ ඇමැතිවරයා හමුවේ පළ කළ කරුණු හාම්පුතුන්ගේ සංගමය ද අනුමත කර ඇත.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු පනස් පහේ සිට හැට දක්වා දීර්ඝ කිරීම පිළිබඳ ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව ද මෙම කම්කරු අමාත්‍යාංශයේදී පැවැති මේ රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්