දුම්රිය ස්ථානවල හා රේල් පාරේ කසළ දැම්මොත් දඩ ගහනවා

  👤  3672 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (22).jpg (600×350)

උපතිස්ස පෙරේරා - ඉෂාර සිල්වා

දුම්රිය මගීන් දුම්රිය මාර්ගයට සහ දුම්රිය ස්ථානවල කසළ බැහැර කිරීම හේතුවෙන් එම ස්ථාන අපිරිසුදු වන බැවින් එලෙස කසළ බැහැර කරන දුම්රිය මගීන්ට ඉදිරියේදී දඩ පැනවීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
දුම්රිය මැදිරි සහ දුම්රිය අංගණ තුළද ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පැවසූ ඇමැතිවරයා "ඩෙංගු වනසමු රටම සැනසෙමු" තේමාව යටතේ රජය ක්‍රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන යටතේ දෙමටගොඩ දුම්රිය ස්ථානය සමීපයට පැමිණි අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

දිවයින පුරා දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන 351ක් පුරා ඊයේ (16දා) සිට මෙම ඩෙංගු මර්දන වැඩසටහන ඇරඹිණි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා දුම්රිය මගීන්, දුම්රිය ස්ථාන අවට ප්‍රජාව, පාසල් සිසුන්, තරුණ සේවා සංගම්, ප්‍රජා පොලිස් ඒකක, බන්ධනාගාර රැඳවියෝ, ෆේස්බුක් සමාජ ජාල කණ්ඩායම්, බාලදක්ෂ ව්‍යාපාර කණ්ඩායම් ඇතුළු විශාල පිරිසක් දායකත්වය සපයන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික රුවන් පතිරණගේ මහතා ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්