කොටගල දුම්රිය පීලි පැනීම හදන්න ගිය ‍ෙදාඹකරයත් නාවලපිටියේදී පීලි පැනලා

  👤  3634 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (30).jpg (600×350)

නාවලපිටිය- අතුල දිසානායක

දුම්රිය මැදිරි 4කට සහ දුම්රිය මාර්ගයට දැඩි අලාභහානි සිදුකරමින් පසුගිය 13 වැනි දින උඩරට දුම්රිය මාර්ගයේ කොටගල අඩි හැටේ පාලම අසලදී පීලි පැනීමකට ලක්වූ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය යළි පීලි ගත කිරීම සඳහා රැගෙන යමින් තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කොටස් දෙකකින් යුත් අඩි 60ක් පමණ දිග ‍ෙදාඹකරය පේරාදෙණිය ගම්පොළ අතර ඇති වැලිගල්ල ප්‍රදේශයේදී සහ නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයේදී පීලි පැනීම හේතුවෙන් එය කොටගල දක්වා රැගෙන යෑමට නොහැකි විය.

නාවලපිටිය ප්‍රදේශයෙන් රැගෙන යෑමට උත්සාහ කළ අවස්ථා දෙකකදීම මෙය පීලි පැනීම හේතුවෙන් එය නාවලපිටිය දුම්රිය ස්ථානයේ තුන්වැනි වේදිකාවේ කොනක ගාල් කර තැබීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබිණි.

මේ ‍ෙදාඹකරය මගීන් රැගත් දුම්රියක අමුණා කොටගල තෙක් රැගෙන යෑමට උත්සාහ කිරීම නිසා එය පීලිපෑනීමෙන් පසු මගීන් රැසක් දැඩි අපහසුතාවට පත්වූහ.
උඩරට දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථානවල තිබෙන සිල්පර කොටන්, රේල් පීලි පොළවට සවි කිරීමට පෙර පොළව මතුපිට අතුරා ඇති කොන්ක්‍රීට් සහ දැව කඳන් මේ වනවිට පොළව යටට ගිලා බැසීමෙන් අබලන්ව ඇති බව පෙන්වා දෙන දුම්රිය මගීහු වසර සියයකට වඩා පැරැණි උඩරට දුම්රිය මාර්ගය නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇති බවද පෙන්වා දෙති.

ටොන් 35ක බරක් එසවිය හැකි මේ ‍ෙදාඹකරය ආපසු රැගෙන යෑමට හෝ කොටගලදී දුම්රිය පීලි පැන තිබූ අඩි 60 පාලම අලුත්වැඩියා කිරීමට හෝ රැගෙන යෑමට නොහැකිව ඊයේ දහවල් වනවිටත් එය නාවලපිටිය දුම්රිය ස්ථානයේ ගාල්කර තිබුණු අයුරු සහ පීලි පැනීමෙන් පසු යළි පීලි ගත කර තිබුණු අයුරු ඡායාරූපවලින් දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්