එජාපය ප්‍රතිසංවිධානය විය යුතුමයි

  👤  3669 readers have read this article !
By mawbima 2018-04-15

විශ්වාසභංගය ජයග්‍රහණය කරලා හිනා වෙලා හිටියත් එ.ජා.ප.ය අස්සේ අර්බුද වැඩි වෙලා. නායකත්වයේ වෙනසක් සමඟ ප්‍රතිසංවිධාන කටයුතු සිදුවෙනවා කිව්වත් තවම වෙලා නැහැ. අනික් හැම සැරේම වගේම මෙවරත් රනිල් වික්‍රමසිංහ මහතා හැමෝම රවට්ටල නේද?

විශ්වාසභංගය පරදා අප ජයග්‍රහණය කිරීම පක්‍ෂයක් විදිහටත් ආණ්ඩුවක් හැටියටත් ඒක ලොකු ජයග්‍රහණයක්. ඉර හඳ පායනවා නම් ඒ වගේම ස්ථීරවම ඒකාබද්ධයේ අය විශ්වාසභංගය දිනනවා කිව්වා. තවත් අය කිව්වා අංක දාලා අපි මෙච්චර ප්‍රමාණයකින් විශ්වාසභංගය දිනනවා කියලා. වාසිය අපටයි කිව්වා. 6 වැනිදා ඉර උදා වෙන්නේ අලුත් ආණ්ඩුවක් අලුත් අගමැතිවරයෙක් එක්ක කිව්වා. එහෙම කිව්ව අයට එ.ජා.ප.යේ සියලු දෙනා උත්තර දුන්නා. පක්‍ෂය ඇතුළේ මොන මතිමතාන්තර තිබුණත් මොන ගැටලු තිබුණත් අපේ පක්‍ෂයේ නායකයා ආණ්ඩුවේ අගමැතිවරයා ආරක්‍ෂා කරගෙන අපි ආණ්ඩුවත් රැක ගත්තා.

ඒ දේවල් කරගන්න විවිධ ‍ෙදාලපිදේනි හැමෝටම දුන්නා?

ඒ කතාව වැරදියි. අපි විශ්වාසභංගය ජයග්‍රහණය කළේ කාටවත් ‍ෙදාලපිදේනි දීලා නෙමෙයි. අපි බලාපොරොත්තු වුණේ විශ්වාසභංගයෙන් පසු පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අරඹන්නයි. පසුගිය සෙනසුරාදා (7දා) ප්‍රතිසංවිධාන ගැන දීර්ඝ සාකච්ඡාවක් කළා. එතැනදී පාර්ලිමේන්තු කණ්ඩායමත් පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයත් එකතු වෙලා උදේ 10.30 ඉඳන් හවස 7 වන තුරුම ප්‍රතිසංවිධානය ගැන සාකච්ඡා කළා.

කොයි තරම් සාකච්ඡා කළත් පලක් ඇති දෙයක් වුණේ නෑනේ?

පලක් ඇති දෙයක් වෙන්න ඕන අඩිතාලම දා ගන්න අපි කතා කළා. ආණ්ඩුවේ වෙන්න ඕන වෙනස්කම් ගැන කතා කළා. පක්‍ෂයේ වෙන්න ඕන වෙනස්කම් ගැන කතා කළා. ඉදිරියේදී පක්‍ෂයේ නිලධාරි මණ්ඩලය අප්‍රේල් 30න් අවසන් වෙනවා. ඒ වෙනුවට අලුත් අය පත් කරලා පක්‍ෂ ප්‍රතිසංවිධානය අවස්ථාව අරඹන්න කටයුතු සැලසුම් කළා. පසුබිම සකස් කළා.

පක්‍ෂයේ බොහෝ දෙනෙක් පක්‍ෂයේ ලොකු ප්‍රතිසංවිධානයක් බලාපොරොත්තු වුණා. නායකත්වයේ වෙනසක් පවා හිතුවා. ඒත් අන්තිමට නායකත්ව මණ්ඩලයක් හරහා තීන්දු තීරණ අරගෙන එම තීන්දු නායකයා හරහා ක්‍රියාත්මක කරන්නයි හදන්නේ?

නැහැ. මේක නායකත්ව මණ්ඩලයක් නෙමෙයි. මෙතැන පත් කළේ කමිටුවක්. එහිදී අපි 12ක් තෝර ගත්තා. කමිටුවට 10යි. ඒකට නියෝජ්‍ය නායක සහ උප නායක තනතුරු දරන අයත් නිල බලයෙන් පත් වුණා. ඒ අයගේ අදහස් එක්ක පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු කොහොමද කරන්නේ කියන එක සාකච්ඡා කරන්න තමයි මේ අය පත් වුණේ.

එ.ජා.ප. නායකයා එළවන්න හදපු සෑම අවස්ථාවකම පැලැස්තර දාලා ඒක යට කළා. මේකත් එහෙම එකක්ද?

මෙතැනදී පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට මුල් තැන දී අදහස් විමසනවා. එහිදී නායකත්වයේ වෙනසක් එක්ක පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුවෙනවද? නායකත්වයේ වෙනසක් නැතිව නායකයා එහෙමම තියාගෙන අනෙක් තනතුරුවල ප්‍රතිසංවිධානයක් වෙනවද කියන කාරණා දෙක ගැනම මෙහිදී සලකා බලනවා. බහුතරයක් කියනවා නම් නායකත්වයේ වෙනසක් සිදුකරන්න අවශ්‍ය නැහැ. කියලා නායකත්වය එහෙමම තියාගෙන අනිත් තනතුරු වෙනස් කරන්න පුළුවන්.

අන්තිමට වෙන්නේ ඒක නේද?

ඒ පිළිබඳ තවම අවසන් තීන්දුවක් නැහැ. නමුත් සෙනසුරාදා සාකච්ඡාවේදී නායකත්වය වෙනස් කරන්න අවශ්‍යතාවක් තියෙනවා කියා බහුතර මතයක් තිබුණේ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයේ හිටියත් 2020 අලුත් නායකයෙක් ගෙන ආ යුතුයි කියායි. එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරු කිව්වේ. තැන තැන එ.ජා.ප. නායකත්වය විවේචනය කිරීමට පවා ඔවුන් යොමු වෙලා. හංගන්න හැදුවට එ.ජා.ප. අර්බුදය දැන් ඔඩුදුවලා නේද?

එදා සාකච්ඡාවේදී මේ ගැන කතා වුණා. වත්මන් නායකයාට ජේ‍යෂ්ඨ නායකයා ලෙස කටයුතු කරලා පක්‍ෂ නායකත්වය වෙනත් කෙනකුට භාර දෙන්නත් අදහස් යෝජනා කිහිපයක්ම ආවා. නමුත් තවම අවසන් තීන්දුවක් අරගෙන නැහැ. නායකත්වයේ වෙනසක් වෙනවද නායකත්වය එලෙසම තියලා අනික් තනතුරු වෙනස් කරනවාද කියා අවසන් තීන්දුව අරගෙන නැහැ. කමිටුවත් එක්ක සාකච්ඡා කරලා තමයි ඒ තීන්දු ගන්නේ.

එහෙම වුණොත් කවුද නායකත්වයට පත්වන්නේ?

කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස වගේ චරිතයක් වෙන්න පුළුවන්.

සජිත් ප්‍රේමදාස පක්‍ෂ නායකයා කරනවා වෙනුවට නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇති කරන්න හදන්නේ ඇයි?

නියෝජ්‍ය නායක තනතුරු ගැන යෝජනා කිහිපයක් තිබුණා. පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු ගැන මීට පෙර දාලා තිබුණු කමිටුවේ යෝජනාවක් තමයි ඒ. එම කමිටුවේ යෝජනා කිහිපයක් තිබුණා. නියෝජ්‍ය නායක එක තනතුරකුත් උප නායක එක තනතුරකුත් තව තනතුරු කිහිපයකුත් ඇති කරන්න. එහි තව යෝජනාවක් තිබුණා නියෝජ්‍ය නායක තනතුරු දෙකකුත් උප නායක තනතුරු දෙකකුත් ඇති කරන්න. නමුත් දැනට ව්‍යවස්ථාවේ තියෙන්නේ නායක නියෝජ්‍ය නායක, උප නායක, සභාපති, මහ ලේකම් තනතුරුයි.

සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා අස්වෙනවා කිව්වේ නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇති කරන්න ගත් අවසන් තීන්දුව නිසයි. එතැන යම් ගැටුමක් ඇති වුණානේ?

ඔව්. ඒ අවස්ථාවේදී නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කිව්වේ තවත් නියෝජ්‍ය නායක තනතුරක් ඇති කළොත් ඉල්ලා අස්වෙන බවයි. නමුත් එහෙම යෝජනාවක් තිබුණාම එහෙම දෙයක් සිදුකරනවා කියලා නැහැ. පක්‍ෂ ව්‍යවස්ථාවේ තියෙන්නේ නියෝජ්‍ය නායක එක තනතුරක් සහ උප නායක එක තනතුරක් පමණයි.

රවි කරුණානායක, විජයදාස රාජපක්‍ෂ සහ අගැමැතිවරයාගේ හිතවත් අයට තනතුරු තානාන්තර දීමට සූදානමක් තියෙනවා නේද? එහෙම වුණොත් ඔබතුමාලට මොකද වෙන්නේ?

මම හිතන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයටත් පාර්ලිමේන්තු කණ්ඩායමටත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තියෙන්න ඕන මෙම තනතුරු පත් කරන්න. ඒක නායකතුමාටවත් තව එක්කෙනෙක් දෙන්නෙකුට තනතුරු තියා ගන්න, පත් කිරීම් කරන්න බැහැ. ඒක ඡන්ද ක්‍රමයකින් හෝ වෙනත් විනිවිද ක්‍රමවේදයකින් එම තනතුරු පත් කිරීම සිදුකළ යුතුයි.

හර්ෂ ද සිල්වා ඇමැතිවරයා මේ පත් කිරීම්වලට ප්‍රසිද්ධියේ විරෝධය දැක්වූවා. එය ඇත්තද?

හර්ෂ විතරක් නෙමෙයි. අපි ඔක්කෝම විරෝධය දැක්වූවා. අපි කීවේ එහෙම කරන්න එපා කියලයි.

පක්‍ෂ ව්‍යවස්ථාව අනුව පක්‍ෂ නායකත්වය හිමිවන්නේ කාටද?

පක්‍ෂයේ නායකයා වෙන්නේ ජනාධිපති හෝ අග්‍රාමාත්‍යවරයායි.

රටේ ජනාධිපති ධුරයට පත්වෙන කෙනා එ.ජා.ප. නායකයා වෙනවා කියා ව්‍යවස්ථාවේ තිබුණට එ.ජා.ප.යෙන් අගමැති තනතුරට පත්වන කෙනාට පක්‍ෂ නායකකම හිමිවෙනවා කියා ව්‍යවස්ථාවේ නෑ නේද?

ඒක මම හරියට දන්නේ නැහැ. හැබැයි එහෙම කතා බහක් වුණා. මම හිතන්නේ නැතිව ඇති. ඒක හරියටම බලලා කියන්න ඕන.

හිටපු මහ ලේකම් ඉල්ලා අස්වුණා. ඊළඟ මහ ලේකම් වන්නේ අකිල විරාජ් නියෝජ්‍ය මහලේකම්ද? නැත්නම් ක්‍රියාකාරි දේශපාලනයේ නැති දේශපාලනය කළ බාහිර පුද්ගලයෙක්ද?

පක්‍ෂයේ නිලධාරි මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීලා තිබුණට පක්‍ෂය ඉල්ලීමක් කරලා තියෙනවා. අලුත් නිලධාරීන් පත්වන තෙක් ඒ කටයුතු කරගෙන යන්න කියලා. ඒ නිසා කවුරුත් ඉල්ලා අස්වෙලා නැහැ. ඉල්ලා අස්වීමේ ලිපි විතරයි භාරදීලා තිබෙන්නේ. ඒ වගේම යෝජනාවක් ආවා එ.ජා.ප. මහ ලේකම්වරයා පූර්ණ කාලීන

දේශපාලකයෙක් නොවිය යුතුයි කියා. ඒ වගේම තව යෝජනාවක් ආවා ඛ්ඡ්ර්ණී තනතුරක් ඇති කරන්න. ඒ කියන්නේ සිරිකොතේ පක්‍ෂ මූලස්ථානයේ පූර්ණ කාලීනව ඉන්න දේශපාලන දැනුමක් ඇති දේශපාලනය කරලා තියෙන කෙනෙක්ව පත් කරන්න.

එ.ජා.ප.යේ. ඛ්ඡ්ර්ණී තනතුර අලුත් එකක් නේද?

ඔව්.

කවුද ඛ්ඡ්ර්ණී වෙන්නේ?

ඛ්ඡ්ර්ණී තනතුරට ගොඩක් අයගේ ඉල්ලීම පිට ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පත්වෙයි.

එතකොට මහ ලේකම් වෙන්නේ කවුද?

විපක්‍ෂයේ මහ ලේකම් තනතුරට අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම සමහර අය යෝජනා කළා. සමහර පුවත්පත්වල තිබුණා නවීන් දිසානායක මහතාගේ නම සුදුසුයි කියා. නමුත් මම හිතන්නේ නැහැ කවුරුත් ඇමැතිකම් දාලා පක්‍ෂයේ මහ ලේකම් ධුරය ගනියි කියලා.

ඊළඟ මහ ලේකම් ධුරයට පත්වෙන කෙනා ඇමැතිකම් නොදරන ස්වාධීන අයෙක්ද?

එහෙම තීන්දුවක් අරගෙන නැහැ. එහෙම යෝජනාවක් විතරයි තියෙන්නේ. එහෙම නැතිනම් ඛ්ඡ්ර්ණී තනතුරක් ඇති කරන්න. ඒක පක්‍ෂයේ විධායක අධ්‍යක්‍ෂ තනතුරක්. මේක අලුත් තනතුරක්.

එතකොට ඛ්ඡ්ර්ණී මද මහ ලේකම් වන්නෙත්?

නැහැ ඒක අලුත් තනතුරක්.

ඛ්ඡ්ර්ණී රාජකාරි මොනවාද?

පක්‍ෂ මුලස්ථානයේ සිට පක්‍ෂ මූලස්ථානය හා සම්බන්ධ වෙමින් පක්‍ෂ මූලස්ථානයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනවා.

පක්‍ෂ මූලස්ථානයේ ප්‍රශ්නද මේ වන විට විසඳිය යුත්තේ. නැතිනම් ගමේ පාක්‍ෂිකයාගේ ප්‍රශ්නද? ඒ ප්‍රශ්න විසඳලා ඡන්ද ගන්න නෙමෙයිද? එ.ජා.පයට ඕන?

දෙකම කෙරෙන්න ඕන.

ඉමිතියාස් බාකිර් මාකාර් වැනි පරිණත පුද්ගලයෙක් පක්‍ෂ මහ ලේකම් නොකර සිරිකොතට දාලා හිර කරලා තියෙන එක හරිද?

එතැනදී ඉමිතියාස් බාකිර් මාකාර් මහත්තයාව සිරිකොතට දාලා හිර කරලා තියෙන්නේ නැහැ. සිරිකොතේ සිට සමිති ප්‍රතිසංවිධාන කිරීම, කමිටු හැදීම එතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙයි. මේ කාරණා කිරීමේදී එතුමා සිරිකොතින් කරන වැඩ කොටස, පක්‍ෂය කරන වැඩ කොටස, සමිති ප්‍රතිසංවිධානය, සමිති පිහිටුවීම ආදී දේ සඳහා නායකත්වය ලබා දෙනවා.

පකෂ මහ ලේකම්ගේ කාර්යයමනේ කරන්න තියෙන්නේ. තනතුරු දෙකේ ගැටුම් ඇති වෙන්නේ නැද්ද?

නැහැ. එහෙම නොවේ. වැඩකරගන්න පුළුවන්.

එජාප පසුපෙළ මන්ත්‍රින්ගේ හඬට එජාප නායකයා ඇහුම්කන් නොදෙන්නේ ඇයි? ඔවුන්ගේ දක්ෂතාවෙන් ප්‍රයෝජන නොගන්නේ ඇයි?

අපිත් මේ පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය විය යුතුයි කියන තැන තවමත් ඉන්නවා. ඒකට අපි යෝජනා ඉදිරිපත් කළා. පක්ෂයේ විතරක් නෙවෙයි ආණ්ඩුවෙත් ප්‍රතිසංවිධානය විය යුතුයි. ආණ්ඩුවත් පසුගිය පළාත් පාලන ඡන්දයේදී දුන් ප්‍රතිඵලය සමඟ වෙනස්කම් කළ යුතුයි. එම කාරණා වෙනුවෙන් තවම අපි පෙනී සිටිනවා. මේ හැමදේම තීන්දු තීරණ කරන්න 30දා වෙනකම් ඉන්නවා.

ජේ.ආර්. මහත්තයා පසුපෙළ නායකත්වයක් හැදුවා. හැමෝටම නිදහසේ වැඩ කරන්න දුන්නා. ඇමැතිකම් දුන්නා. නමුත් වත්මන් එජාප නායකයා පසු පෙළක් හදන්නෙත් නැහැ

ඇමැතිකම් ගත්ත අයට නිදහසේ වැඩ කරන්න දෙන්නෙත් නැහැ? ඒ ඇයි?

ආණ්ඩුවේ නම් වැඩ කරන්න නොදීමක් නැහැ. ආණ්ඩුවේ මැති ඇමැතින්ට හිතුමතේ වැඩ කරන්න දෙනවා. සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක වගේ අය ඒ අයගේ අමාත්‍යාංශවල නිදහසේ වැඩ කරනවා. මහින්ද මහත්තයාගේ කාලේ වැඩ කරන්න ඉඩ දුන්නේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල්, චමල්, ශෂේන්ද්‍ර වගේ අයට විතරයි. සම්පූර්ණ බලය තිබ්බෙත් මුදල් දුන්නෙත් ඒ අයට. නමුත් අද මැති ඇමැතින්ට වැඩ කරන්න නිදහස දීලා තියෙනවා. නමුත් පක්ෂය ඇතුළේ අඩුපාඩු තියෙනවා. එජාපයේ තරුණ අයට ඉඩදීලා අවස්ථාව දීලා වැඩක් ගන්න තවම හැකිවෙලා නැහැ. ඒ තරුණ වියෙන් ප්‍රයෝජනයක් මීට වඩා ගන්න පුළුවන්. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා පසුපෙළ මන්ත්‍රිවරු නිකම් බලාගෙන ඉන්නවා. ඒ අයගෙන් වැඩ ගත්තොත් පක්ෂයටත්, ආණ්ඩුවටත්, රටටත් හොඳයි.

පළාත් පාලන ඡන්දයෙන් 33.5%යි එජාපය ගත්තේ. පක්ෂ නායකයා ඡන්ද ප්‍රතිශතය වැඩි කරගත්තා වෙනුවට අඩු කරගත්තා. ඒකයි හැමදාම කළේ. මේ අර්බුද එක්ක පක්ෂය කැඩී ගියොත් එජාපයත් අනතුරේ?

මම හිතන්නේ නැහැ අපි ඒ තරම් අර්බුදයකට යයි කියලා. ඊළඟට පළාත් සභා ඡන්දය එනවා. ජනාධිපතිවරණය එනවා. පළාත් සභාවලට පෙර ප්‍රතිසංවිධාන හරියට කරලා ගැම්මක් ගන්න ඕන. ඒකෙන් පේන්න ඕන වෙනසක් වෙලා කියලා. ඒක පක්ෂයක් හැටියටත් ආණ්ඩුවක් හැටියටත් හොඳයි. පළාත් සභා ඡන්දයේදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැන ජනතාවගේ ප්‍රසාදය බලා ගන්න පුළුවන්.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලනිපයේ 16 දෙනා විපක්ෂයට ගියොත් ආණ්ඩුවේ 2/3 සංයුතිය නැති වෙනවා නේද?

ඔව්.

ඒ සංශෝධනය ගෙනත් ජනපති බලතල අඩුකර ගැනීම සහ වෙනත් පනත් සම්මත කර ගැනීමේදී ගැටලුවක් වෙනවනේ?

ඔව්. එතන ගැටලුවක් වෙනවා. අපි ගෙන ගියේ සම්මුතිවාදී ආණ්ඩුවක්. එතැනදී ජනාධිපතිවරයා සහ අගමැති ප්‍රධානයි. 40 දෙනා ඉන්න ශ්‍රී ලනිපයේ ජනාධිපතිවරයාට පක්ෂ නායකයකු ලෙස අපි ගරු කරනවා සේම 107ක් ඉන්න එජාප නායකයාටත් ඒ අයගේ ගරුත්වයක් තියෙන්න ඕන. එහෙම නැතිව ඒ 40 දෙනා අපේ නායකයාට ඒ ගෞරවය දෙන්නේ නැත්නම් මේ ගමන එකට යන්න බැහැ. කොහොම හරි විශ්වාසභංගය හරහා ශ්‍රී ලනිපය තුනට කැඩුණා. ඒ නිසා ඒකාබද්ධයේ අය මහින්ද මහත්තයව පෙරට දාලා ඒ අයගේ ගමන යන පාලමක් හදලා දුන්නා. ඒ වගේම ශ්‍රී ලනිපයේ කොටසක් රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගෙන යන ගමන ඉදිරියට යන්න සහාය දුන්නා.

එජාපයේ මේ ප්‍රතිසංස්කරණයත් එක්ක 2020දී ජනාධිපති එජාපයෙන් බිහිවෙයිද?

ඒ සඳහා අවශ්‍ය පසුබිම අපි සකසනවා. අපි ආණ්ඩුවක් ගත්තට විපක්ෂයේ වගේ තමා ඉන්නේ. අපි ජනාධිපති අපේක්ෂකකම සමඟ දෙපාරක් වෙන අයට දුන්නා. ඒ නිසා 2020දී එජාප අපේක්ෂකයෙක් නෙවෙයි 2020දී එජාපයෙන් එන පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට තරග වදියි. ඒකට රනිල් වික්‍රමසිංහ මහතාද සජිත් ප්‍රේමදාස මහතාද කරු ජයසූරිය මහතාද කියන එක ගැටලුවක් නෙවෙයි. එජාපයෙන් එන පොදු අපේක්ෂකයාට උදවු කිරීමයි අපට වැදගත්. එහෙම නොවී ඒ ඡන්දයේදී වෙන පක්ෂයක කෙනෙක් ආවොත් අපට වැඩ කරන්නත් ලොකු බලාපොරොත්තු තියා ගන්නත් බැරි වේවි.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon