“මව්බිම” ලිපිය දුටු පොලිස්පතිතුමා දළදා මාලිගාව බේරාගත් “වීර ගීතානිට” මුදලින් තෑගි දෙයි

  👤  3399 readers have read this article !
By mawbima 2018-04-15

ශ්‍රී  ලංකාවේ පමණක් නොව ලෝකවාසී බෞද්ධයන්ගේද මුදුන්මල්කඩ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවය.හිත් පිත් නැති කුරිරු කොටි ත්‍රස්තවාදීහු උතුම් වූ ගෞරවනීය දළදා මාලිගාවටද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළෝය. ඒ මහා බෝම්බ ප්‍රහාරයෙන් දළදා මාලිගාවට සිදුවන්නට ගිය මහා විනාශය අවම කරගත්තේ උදඵභදඨ ඩ්ඥපඥධ සැඟවුණු වීරවරියකි. එය අතීත කතාවකි. එය උත්තම වූ දළදා මාලිගාව ආරක්ෂා කිරීමේ මහඟු මෙහෙවරක යෙදී කිසිදු බලධාරියකුගේ කාරුණික අවධානය යොමු නොවුණු වීර කාන්තා චරිතයක් පිළිබඳවය. මෙම ලිපිය ඉරිදා 'මව්බිම' පුවත්පතේමුල්වර පළ වූයේ 2014 ජුනි 13 වැනිදාය. 1998 ජනවාරි මස 26දා රුදුරු කොටි ත්‍රස්තවාදීන් අති උත්තම වූ ශ්‍රී  දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල කළ උදෑසන අප කතානායිකාව වූ ගීතානි ජයවර්ධන කොස්තාපල්වරිය දළදා මාලිගාවේ ප්‍රධාන ‍ෙදාරටුවේ රාජකාරියේ නිරතව සිටියාය. එදා ඒ ම්ලේච්ඡ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් දළදා මාලිගාවට ඇතුළු වූයේ නම් මාලිගාවේ හානිය අති බිහිසුණු වන්නට ඉඩ තිබිණි.

නමුත් අප කතානායිකාව ගීතානිගේ ස්ථානෝචිත ප්‍රඥාව හේතුවෙන් වන්නට තිබුණු මහා විනාශයක් වැළකිණි. ගීතානි ජයවර්ධනට මුල්වරට පොලිස් කොස්තාපල්වරියක ලෙස රැකියාව ලැබුණේ 1997 මැයි 17දාය. එදා 2014 ජුනි 14 වැනි දින ඉරිදා මව්බිමේ 22 වැනි පිටුවේ පළවූ පසු එවක පොලිස්පතිතුමා ඉලංගකෝන් මහතා “මව්බිම”ට ප්‍රකාශ කළේ ඇයගේ මාහැඟි සේවය පිළිබඳව සලකා බලන බවය. සලකා බැලීම කෙසේ වෙතත් ඇයගෙන් කට උත්තරයක් ගත් බව “මව්බිම”ට දැනගන්නට ලැබිණි. මේසා මාහැඟි සේවයක් කළ ඇය පිළිබඳව මේ වනතුරු කිසිදු බලධාරියකුගේ කාරුණික අවධානයක් යොමු නොවී තිබිණි. වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යහපත් බෞද්ධයෙකි.

එතුමන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැහැමි ආකල්ප ගොඩනඟන්නට උත්සාහ දරමින් සිටී. දැහැමි බෞද්ධයකු වූ පොලිස්පතිතුමා කී වතාවක් දළදා නමස්කාර කර ඇත්ද? මේ රටේ මහා බෞද්ධ ජනතාවකට උතුම් දළදාව වන්දනා කරන්නට මාලිගාවේ හානිය අවම කර දුන්නේ මේ පොලිස් කොස්තාපල්වරියගේ අභිමාන වූ දිරිමත් ක්‍රියාව නිසා බව රටට පෙන්වා දුන්නද කාලය පමණක් ඔහේ ගෙවී යයි. පොලිස්පතිතුමනි, ඇය එදත් කොස්තාපල්ය. අදත් කොස්තාපල්ය. කාලය වසර 20ක් ගෙවී ඇත්තේය. එදා සැණින් දිව ගොස් වාහල්කඩ ‍ෙදාරටුව වැසීමෙන් ඇය වරදක් කර ඇතිද?2017 ජූලි 16 වැනි ඉරිදා අපි එසේ ප්‍රශ්න කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ගීතානිගේ කතාව යළිත් පිටුවක් පුරා ඉදිරිපත්  කළෙමු. අපගේ හෙළිදරව්ව පොලිස්පතිතුමාගේ නෙත ගැටිණි. ජාතිය වෙනුවෙන් ගීතානි ජයවර්ධනට යුතුකම් ඉටුකරන්නට එතුමන් යුහුසුලු වූයේය.අප්‍රේල් 07දා පොලිස් අපරාධ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ගීතානි ජයවර්ධනගේ අමිල මෙහෙවර පොලිස්පතිතුමාගේ ගෞරව ඇගැයීමට පත්විණි.ගීතානිට රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදල් සහ පොලිස්පති  ප්‍රශංසා සහතික ප්‍රදානය කෙරුණේ ජාතියේ ප්‍රණාමයද සමඟිනි. ජාතිය වෙනුවෙන් ඇය කළ අමිල මෙහෙවරට යුතුකම, කළගුණ සලකන්නට වසර 20ක් ගත විය. පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අවධානය යොමු නොවන්නට එය සදාකාලයටම වැළලී යන ඉතිහාසයේ එක් සිදුවීමක් පමණක් වන්නට බොහෝ ඉඩකඩ  තිබිණි.නෙතග සතුටු කඳුළු දල්වාගෙන ගීතානි තමන් වෙනුවෙන් හඬ නැඟූ “මව්බිම”ට කතා කළාය.“අනේ මට හරිම සතුටුයි. කාලයක් ගිහින් හරි මට මෙහෙම තෑගි හම්බ වුණාට. “මව්බිම” තමයි මගේ කතාව රටටම කිව්වේ. පූජිත් ජයසුන්දර පොලිස්පතිතුමා නොහිටින්න මට මේ දේවල් කවදාවත් හම්බ වෙන්නේ නෑ. ඒක මට ජීවිතයේ කවදාවත් අමතක වෙන්නේ නෑ. මගේ රාජකාරිය  පැත්තෙන් ඒක මට ලොකු දෙයක්. මේක මගේ ජීවිතයට ආලෝකයක්. මට අද හරිම සතුටුයි. මට මේක හීනයක් වගේ.උතුම් දළදා මැඳුරට වන්නට ගිය මහා විනාශයක් ඇගේ කැපවීමෙන් මඟහැරිණි. එම පුණ්‍ය මහිමය පල දෙන්නට ඉඩ හසර ලැබුණේ පොලිස්පතිතුමාගේ කෘතවේදී සත්ගුණවත් බව නිසාවෙන්මය.“මව්බිම” හඬට කන් දුන් පොලිස්පතිතුමන්ට අපගේ ආචාරයද පිරිනමන්නෙමු.අනුර බණ්ඩාර රාජගුරුශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකවාසී බෞද්ධයන්ගේද මුදුන්මල්කඩ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවය.

හිත් පිත් නැති කුරිරු කොටි ත්‍රස්තවාදීහු උතුම් වූ ගෞරවනීය දළදා මාලිගාවටද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළෝය. ඒ මහා බෝම්බ ප්‍රහාරයෙන් දළදා මාලිගාවට සිදුවන්නට ගිය මහා විනාශය අවම කරගත්තේ උදඵභදඨ ඩ්ඥපඥධ සැඟවුණු වීරවරියකි.

එය අතීත කතාවකි.

එය උත්තම වූ දළදා මාලිගාව ආරක්ෂා කිරීමේ මහඟු මෙහෙවරක යෙදී කිසිදු බලධාරියකුගේ කාරුණික අවධානය යොමු නොවුණු වීර කාන්තා චරිතයක් පිළිබඳවය.
මෙම ලිපිය ඉරිදා 'මව්බිම' පුවත්පතේ
මුල්වර පළ වූයේ 2014 ජුනි 13 වැනිදාය.

1998 ජනවාරි මස 26දා රුදුරු කොටි ත්‍රස්තවාදීන් අති උත්තම වූ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල කළ උදෑසන අප කතානායිකාව වූ ගීතානි ජයවර්ධන කොස්තාපල්වරිය දළදා මාලිගාවේ ප්‍රධාන ‍ෙදාරටුවේ රාජකාරියේ නිරතව සිටියාය.

එදා ඒ ම්ලේච්ඡ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් දළදා මාලිගාවට ඇතුළු වූයේ නම් මාලිගාවේ හානිය අති බිහිසුණු වන්නට ඉඩ තිබිණි. නමුත් අප කතානායිකාව ගීතානිගේ ස්ථානෝචිත ප්‍රඥාව හේතුවෙන් වන්නට තිබුණු මහා විනාශයක් වැළකිණි.

ගීතානි ජයවර්ධනට මුල්වරට පොලිස් කොස්තාපල්වරියක ලෙස රැකියාව ලැබුණේ 1997 මැයි 17දාය.
එදා 2014 ජුනි 14 වැනි දින ඉරිදා මව්බිමේ 22 වැනි පිටුවේ පළවූ පසු එවක පොලිස්පතිතුමා ඉලංගකෝන් මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේ ඇයගේ මාහැඟි සේවය පිළිබඳව සලකා බලන බවය. සලකා බැලීම කෙසේ වෙතත් ඇයගෙන් කට උත්තරයක් ගත් බව "මව්බිම"ට දැනගන්නට ලැබිණි.

මේසා මාහැඟි සේවයක් කළ ඇය පිළිබඳව මේ වනතුරු කිසිදු බලධාරියකුගේ කාරුණික අවධානයක් යොමු නොවී තිබිණි.

වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යහපත් බෞද්ධයෙකි. එතුමන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැහැමි ආකල්ප ගොඩනඟන්නට උත්සාහ දරමින් සිටී. දැහැමි බෞද්ධයකු වූ පොලිස්පතිතුමා කී වතාවක් දළදා නමස්කාර කර ඇත්ද? මේ රටේ මහා බෞද්ධ ජනතාවකට උතුම් දළදාව වන්දනා කරන්නට මාලිගාවේ හානිය අවම කර දුන්නේ මේ පොලිස් කොස්තාපල්වරියගේ අභිමාන වූ දිරිමත් ක්‍රියාව නිසා බව රටට පෙන්වා දුන්නද කාලය පමණක් ඔහේ ගෙවී යයි.

පොලිස්පතිතුමනි, ඇය එදත් කොස්තාපල්ය. අදත් කොස්තාපල්ය. කාලය වසර 20ක් ගෙවී ඇත්තේය. එදා සැණින් දිව ගොස් වාහල්කඩ ‍ෙදාරටුව වැසීමෙන් ඇය වරදක් කර ඇතිද?

2017 ජූලි 16 වැනි ඉරිදා අපි එසේ ප්‍රශ්න කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ගීතානිගේ කතාව යළිත් පිටුවක් පුරා ඉදිරිපත් කළෙමු. අපගේ හෙළිදරව්ව පොලිස්පතිතුමාගේ නෙත ගැටිණි. ජාතිය වෙනුවෙන් ගීතානි ජයවර්ධනට යුතුකම් ඉටුකරන්නට එතුමන් යුහුසුලු වූයේය.

අප්‍රේල් 07දා පොලිස් අපරාධ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ගීතානි ජයවර්ධනගේ අමිල මෙහෙවර පොලිස්පතිතුමාගේ ගෞරව ඇගැයීමට පත්විණි.

ගීතානිට රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදල් සහ පොලිස්පති ප්‍රශංසා සහතික ප්‍රදානය කෙරුණේ ජාතියේ ප්‍රණාමයද සමඟිනි. ජාතිය වෙනුවෙන් ඇය කළ අමිල මෙහෙවරට යුතුකම, කළගුණ සලකන්නට වසර 20ක් ගත විය. පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අවධානය යොමු නොවන්නට එය සදාකාලයටම වැළලී යන ඉතිහාසයේ එක් සිදුවීමක් පමණක් වන්නට බොහෝ ඉඩකඩ තිබිණි.

නෙතග සතුටු කඳුළු දල්වාගෙන ගීතානි තමන් වෙනුවෙන් හඬ නැඟූ "මව්බිම"ට කතා කළාය.
"අනේ මට හරිම සතුටුයි. කාලයක් ගිහින් හරි මට මෙහෙම තෑගි හම්බ වුණාට. "මව්බිම" තමයි මගේ කතාව රටටම කිව්වේ. පූජිත් ජයසුන්දර පොලිස්පතිතුමා නොහිටින්න මට මේ දේවල් කවදාවත් හම්බ වෙන්නේ නෑ. ඒක මට ජීවිතයේ කවදාවත් අමතක වෙන්නේ නෑ. මගේ රාජකාරිය පැත්තෙන් ඒක මට ලොකු දෙයක්. මේක මගේ ජීවිතයට ආලෝකයක්. මට අද හරිම සතුටුයි. මට මේක හීනයක් වගේ.

උතුම් දළදා මැඳුරට වන්නට ගිය මහා විනාශයක් ඇගේ කැපවීමෙන් මඟහැරිණි. එම පුණ්‍ය මහිමය පල දෙන්නට ඉඩ හසර ලැබුණේ පොලිස්පතිතුමාගේ කෘතවේදී සත්ගුණවත් බව නිසාවෙන්මය.
"මව්බිම" හඬට කන් දුන් පොලිස්පතිතුමන්ට අපගේ ආචාරයද පිරිනමන්නෙමු.

අනුර බණ්ඩාර රාජගුරු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon