ආණ්ඩුවේ කංසා බිස්නස් නැඟලා යයිද?

  👤  3497 readers have read this article !
By mawbima 2018-04-15

කංසා ඔෟෂධයක මට්ටමින් වගා කිරීමේ අදහසක් පවතින බව සෞඛ්‍ය හා දේශීය පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න විසින් පසුගිය 10 වැනිදා ප්‍රකාශ කර තිබිණි. එය මත්ද්‍රව්‍ය ලෝලීන් අතට පත් වීම වැළැක්වීමට යුද හමුදාවත් සමඟ එක් වෙමින් එම කාර්යය සිදු කිරීමට අදහස් කරන බවක් කියැවිණි. මෙසේ වගා කරන කංසා ඔෟෂධ නිෂ්පාදකයන්ට සැපයීමත් අතිරික්තය විදේශ වෙළෙඳපොළ වෙත අලෙවි කිරීමත් අරමුණ වී තිබේ.

ඛ්ධදදචඡඪඵ ඵචබඪමච නම් විද්‍යාත්මක නාමයෙන් "කංසා" හෙවත් ගංජා හඳුන්වයි. භංගා, ගංජා, මාතුලානී, මාදිනි, මාර කෙසකය, අජයා, ඉන්ද්රාසන, උන්මාදිනී, උන්ත්තීනී, කංජා, කන්වාශී, කාමග්නී, කේශකය, ඡායා, තුන්ලෝ ජය ගත් කොළ යන සිංහල පර්යාය නාම මෙන්ම භංගා, මාතුලානී, මාදීනි, තෛ්‍රලෝක්ය විජයා ආදී වූ සංස්කෘත පර්යාය නාමයන්ද මේ ශාකය හැඳින්වීමට භාවිත කරයි. එය අවුරුදු දහතුන් දහසකටත් වඩා පැරැණි ඔෟෂධයකි. ආසියානු කලාපය තුළ කංසා ව්‍යාප්තියේ ආරම්භයයි. විශේෂයෙන් ඉන්දියාව මුල්කරගත් ප්‍රදේශවලින් ආරම්භ වී අද වෙද්දී මුළු ලෝකය පුරා ව්‍යාප්ත වී පවතී. මෙරට ගැමි ගෙවල්වල කුළුබඩුවක් ලෙස ආහාරවලට එක් කර ගැනීම හා ඔෟෂධයක් ලෙස භාවිත කිරීම සඳහා කංසා පැළයක් හෝ දෙකක් වගා කර තිබූ බව කියැවේ.

එහෙත් ඉංග්‍රීසීන්ගේ පාලනයට යටත් වීමත් සමඟ කංසා මෙරට භාවිත කිරීම තහනම් විය. ඒ වෙනුවට දුම්කොළ හඳුන්වා දීමට පියවර ගත්තේය.

මරිජුවාන් සහ හෂීස් යනුවෙන් හැඳින්වෙන්නේද කංසා ශාකයෙන් ලබා ගන්නා කොටස්වලින් නිෂ්පාදනය කර ගනු ලබන නිෂ්පාදනයන් දෙවර්ගයකි.
2016 වසර වන විට දේශීය සමාන්‍ය වෙළෙඳපොළේ කංසා කිලෝවක මිල රු. 22,000කි. තොග වෙළෙඳපොළේ මිල රු. 17,000කි. 2016 වසර තුළ පමණක් දේශීය ආයුර්වේද ඔෟෂධ සඳහා කංසා කිලෝ 3,32,540ක් පමණ භාවිත කෙරිණි. 2013 වසරේදී කිලෝග්‍රෑම් 2,42,290ක්ද, 2012 වසරේදී කිලෝග්‍රෑම් 394,780ක්ද, 2014 වසරේදී කිලේග්‍රෑම් 121,900ක්ද, 2015දී කිලෝග්‍රෑම් 220,540ක්ද වශයෙන් භාවිත කිරීමකි. ඒ අනුව ආයුර්වේද ඔෟෂධ නිෂ්පාදනය සඳහා කංසා භාවිතය ක්‍රමයෙන් වැඩිවී ඇත.

මත්ද්‍රව්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ කංසා භාවිතය තහනම් වුවත් වෛද්‍ය විද්‍යාව තුළ කංසාවලට ඇත්තේ විශාල ඉල්ලුමකි. එය පිළිකා පැතිරී යෑම් වැළැක්වීමට, රෝගය නිසා මතුවන සංකූලතා වැළැක්වීමට හා වේදනා නාශකයක් ලෙස භාවිත කරයි.
එසේම මොළයේ සෛල විනාශ වීම නිසා ඇති වන රෝගී තත්ත්වයන්ට, චර්ම රෝගවලට, කායික ශක්තිය හා ලිංගික ශක්තිය හොඳින් පවත්වා ගැනීමටත් කංසා ඔෟෂධයක් ලෙස භාවිත කරයි. එසේම විසබීජ නාශකයක්, රස කාරකයක් ලෙසද කංසා භාවිත කරයි.

ගංජාවල අඩංගු විස ඉවත්කොට ආයුර්වේද ඔෟෂධ නිෂ්පාදනයට යොදා ගන්නා අතර ආයුර්වේද වෛද්‍යවරුන් හා ආයුර්වේද නිෂ්පාදන සමාගම් මෙහි ප්‍රධාන නීත්‍යනුකූල පරිභෝජකයන්ය.

ලෝක මට්ටමින් නීත්‍යනුකූල ලෙස 2013 වර්ෂය වෙන විට කිලෝග්‍රෑම් 60,400ක් පමණ නිපදවා තිබේ. 2014 වර්ෂයේදී 15 - 64ත් අතර වයස් කාණ්ඩයේ මිලියන 82.5ක පමණ කංසා භාවිත කරන්නන් ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

ලෝකයේ බොහෝ රටවල කංසා භාවිතය නීත්‍යනුකූලය. විශේෂයෙන්ම යුරෝපාකරයේ කංසාවලට ඇත්තේ වැඩි ඉල්ලුමකි.
භාවිතය තහනම් වුවත් මත්ද්‍රව්‍යයක් ලෙස කංසා සඳහා අපේ රටේ වැඩි ප්‍රවණතාවක් තිබෙන බව නිල සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වෙයි.
එසේම මෑත කාලයේ මත්ද්‍රව්‍ය භාවිත කර අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් ගංජා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් වැඩිවී ඇති බව වාර්තාවේ. 2016 වර්ෂයේදී දිවයින පුරා වැටලූ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 4174කි.

2016 වර්ෂයේදී මත්ද්‍රව්‍ය වැරැදි සඳහා අත්අඩංගුවට ගත් මුළු ගණන 79,378කි. මත්ද්‍රව්‍ය වැරැදි සඳහා අත්අඩංගුවට ගත් පුද්ගල සංඛ්‍යාවෙන් හෙරොයින් වැරැදි සඳහා 35%ක්ද, ගංජා වැරැදි සඳහා 60%ක්ද පමණවේ. 2016 වර්ෂයේදී මත්ද්‍රව්‍ය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම්වලින් 47,787ක් ගංජා ආශ්‍රිත වැරැදි සඳහා අත්අඩංගුවට ගැනීම් වේ. මුළු අත්අඩංගුවට ගත් ප්‍රමාණයෙන් ගංජා වැටලීම් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. (35%) ගම්පහ දිස්ත්‍රික්කයෙන් 12%ක් සහ මාතර දිස්ත්‍රික්කයේ 3%ක් ගංජා වැටලීම් වාර්තා වේ.

දේශීය ගංජාවලට අමතරව මෙරටට රැගෙන එන කේරළ ගංජා ප්‍රභේද භාවිතයෙන් වැඩි ප්‍රවණතාවක් ඇත.

ශ්‍රී ලංකාව තුළ වියළි කලාපයේ නැඟෙනහිර, උෟව හා දකුණු පළාත් සීමාවේද නීත්‍යනුකූල නොවන ආකාරයට ගංජා වගාකරයි. වගා කර ඇතැයි සැලකෙන ඇස්තමේන්තුගත ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 500ක් පමණ වේ. අනෙකුත් වගාවන් හා සස¼දා බලන කල අඩු ශ්‍රමයකින් හා අඩු වියදමකින් වගා කළ හැකි වගාවකි. පහසුවෙන් පැතිර යයි. ඒවා වගා කිරීමට අලුත්ම තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගනියි.

ග්‍රාමීය පළාත්වල සිට කොළඹ හා අනෙකුත් ප්‍රාදේශීය නගර සඳහා බෙදා හැරීම් තුළින් ජාවාරම්කරුවන්ට වැඩි ලාභයක් උපයා ගන්නා මත්ද්‍රව්‍යයක් බවට කංසා පත්වී ඇත. පොදු ප්‍රවාහන සේවා, ත්‍රීවීලර් හා පෞද්ගලික වාහන ගංජා ප්‍රවාහනය සඳහා යොදා ගනියි.

ශ්‍රී ලංකාවේ කංසා සම්බන්ධයෙන් සමාජගත වී ඇති මතයත් සමඟ දේශීය ඔෟෂධයක් ලෙසත් විදේශීය වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන ලෙස කංසා වගා කිරීම සම්බන්ධවත් මේ සමාජය තුළ ඉදිරියේදී විශාල කතා බහක් ඇති වෙනවා සිකුරුය. ගංජා වගා කිරීමෙන් මෙරට සංස්කෘතිය විනාශ වන බව විවිධ දේශපාලන බලවේග හා අමද්‍යප ව්‍යාපාර විසින් ඉදිරියේදී හඬ නඟනු ඇත. කොළඹ බුලර්ට්ස් පාරේ සවිකර ඇති කොන්ඩම් මැෂින් එක මේ වන විට ජාතීන් වඳ කරන භාණ්ඩයක් ලෙස දේශපාලන වේදිකාවේ තලු මරන රසමසවුළුවක් වී ඇත. එසේම කංසා වගාවද ආගම, සංස්කෘතිය වළපල්ලට යවනවා යැයි කියමින් තම පාක්ෂිකයන්ගේ හදවතට කතා කරන රසමසවුළුවක් වනු ඒකාන්තය. එහෙත් එකක් කිව යුතුය. පවුල් සංස්ථා විනාශ කරමින්, සැමියා බේබදුකමට වැටෙමින්, දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය වළපල්ලට යවමින්, ජීවිතය පවා පරදුවට තබමින් ස්ත්‍රීන් පිටරට යවා වැසිකිළි සෝදා හම්බ කරන මුදලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරනවාට වඩා නම් කංසා අපනයනය කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම නම් නම්බුකාරය.

රසිකා හේමමාලි
මූලාශ්‍ර - ඩ්ඒව්ච් ඕර්ණීර්ණීම් ර්ණීජ් ච්අඋට් ඒඕඋඉඡ් ධ්ව්ජ්ර්ණීඅර්ඒඊධ්ර්ණීව් 2017

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon