විශ්වාසභංගය කඩාකප්පල් කළ ශ්‍රී ලනිප ජාතිද්‍රෝහීන් රටට හෙළි කරනවා

  👤  3410 readers have read this article !
By mawbima 2018-04-15

ජේ.ටී. ද සිල්වා

අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කුමන්ත්‍රණය කළ ශ්‍රී ල.නි.ප.යේ මැති ඇමැතිවරු පිලිබඳ රටටම හෙලි කරන බව විදේශගතව සිටින හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත 'ඉරිදා මව්බම'ට පැවැසීය.

රටම බලාපොරොත්තු වූ වෙනස කිරීමට තමන් ඇතුළු ශ්‍රී ල.නි.ප.යේ ඇමැතිවරු 16 දෙනකු ගෙන ගිය වැඩපිළිවෙළ පාවාදුන් පිරිස ජාතිද්‍රෝහීන් ලෙස නම් කරන බවත්, රටේ ජනතාව ඔවුන්ට හොඳ පාඩමක් ඉදිරියේදී උගන්වනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

මේ පාවාදීම කළ කණ්ඩායම පිළිබඳ රටපුරා ගොස් පාක්‍ෂිකයන් හා ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් තමා යළි දිවයිනට පැමිණි පසු ක්‍රියාත්මක කරන බව පෞද්ගලික විදේශ සංචාරයක යෙදී සිටින සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනන්‍යතාව රැකගනිමින් රටටත්, පාක්‍ෂිකයන්ටත් මේ මහා පාවාදීම ගැන පුළුල් අවබෝධයක් දෙමින් රට නිවැරැදි මඟට යොමු කරවීමේ ලොකුම සන්ධානය ඇති කරන බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත්, ඒකාබද්ධ විපක්‍ෂයටත් එකට වැඩ කිරීමට බාධාවක් නැතැයිද සඳහන් කළ හිටපු ඇමැතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්වරු හැටියට කටයුතුකළ තමන් ඉවත් නොකළා නම් අද මෙවැනි පාවාදීමක් සිදු නොවන බවද අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon