එජාප දේශපාලන මණ්ඩලයට කෘත්‍යාධිකාරි මණ්ඩලයට වඩා බලතල

  👤  3320 readers have read this article !
By mawbima 2018-04-15

උපතිස්ස පෙරේරා

එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ අභිනවයෙන් ස්ථාපිත කළ එජාප දේශපාලන මණ්ඩලයට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉහළින් බලතල ලැබෙන ආකාරයෙන් එජාප ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස එජාප නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

පක්‍ෂයේ කටයුතු නව ජවයකින් යුතුව වේගවත් කිරීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලයට වඩා වැඩි කාර්යභාරයක් තම දේශපාලන මණ්ඩලය මඟින් කරගත හැකි බැවින් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය සතු බලතල එම දේශපාලන මණ්ඩලය වෙත පැවැරීම වඩා යෝග්‍ය බවත්, එජාප ප්‍රතිසංවිධානය ඉදිරි මැතිවරණයකට සූදානම් විය හැකි ආකාරයට කිරීමට එය මහත් රුකුලක් වනු ඇති බවත් එජාප නායකයා පෙන්වාදී තිබේ.

සාමාජිකයන් 12 දෙනකුගෙන් යුත් නව දේශපාලන මණ්ඩලය අලුත් අවුරුදු උදාවෙන් පසුව ලබන මස 19 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වීමට නියමිතය. එහිදී එජාපයේ සභාපති, මහ ලේකම්, භාණ්ඩාගාරික, ජාතික සංවිධායක, ප්‍රචාරක ලේකම්, වෘත්තීය සමිති ලේකම් ඇතුළු තනතුරු සඳහා නම් නිර්දේශිත කිරීම, විශේෂ මහා සම්මේලනය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon