ශ්‍රී ලනිප ඉදිරි තීන්දුවලින් පසු විපක්ෂයේ අසුන් ගන්නවා

  👤  3315 readers have read this article !
By mawbima 2018-04-15

හර්ෂනී අර්සකුලරත්න

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ ඉදිරි තීන්දු ගත් විගස තමා ඇතුළු පිරිස විපක්ෂයේ අසුන්ගන්නා බව ශ්‍රී ලනිප භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක මහතා පවසයි. ශ්‍රී ලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වනවාද නැද්ද යන තීන්දුව එහිදී ගැනීමට නියමිත බවද ඔහු පැවැසුවේය.
විපක්ෂයේ අසුන් ගත්තද ජාතික රජයක් ගොඩනැඟීමේදී එකඟ වූ සියලු කාරණා සඳහා විපක්ෂයේ හිඳිමින් සිය සහාය දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවැසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon