විධිමත් අයුරින් වාහන ලියාපදිංචි කරන e-Motoring ක්‍රමය අවසන් අදියරේ

  👤  3558 readers have read this article !
By mawbima 2018-04-15

උපතිස්ස පෙරේරා

මෙරටට වාහන ආනයනය කරන අවස්ථාවේ සිට වඩාත් විධිමත් අයුරින් ඒවා ලියාපදිංචි කිරීම ක්‍රියාත්මක කෙරෙන ඥ-ර්ධබධපඪදඨ මේ වන විට අවසන් අදියරේ පවතින බවත් ඒ අනුව තව නොබෝ දිනකින් අන්තර්ජාලය ඔස්සේ එම සේවාවන් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවකාශ සැලසෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ. එච්. කේ. ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

මේ අනුව දෙපාර්තමේන්තුවට පැමිණෙන සේවාදායකයන් සංඛ්‍යාව බොහෝදුරට ඔවුන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් ඉතිරි වන ඔන්ලයින් ගෙවීම් කර ලියාපදිංචි කර කාර්යක්‍ෂම සේවාවක් පාරිභෝගිකයාට ලබාදීමට පියවර ගෙන ඇතැයිද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

එමෙන්ම භාවිතයේ නොමැති වාහනවල ලියාපදිංචිය අවලංගු කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිර්ණායකයක් ලෙස අඛණ්ඩව වසර 5ක් වාර්ෂික ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන භාවිතයෙන් ඉවත් කළාසේ සලකන බවත් එම වාහන මොනවා දැයි එම ආදායම් බලපත්‍ර නිකුත් කරන පළාත් සභාවන්ගෙන් කරන ලද විමසීම්වලට ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බවත්, දීර්ඝ ක්‍රමවේදයක් ඔස්සේ මෙම වාහනවල ලියාපදිංචිය අවලංගු කර එම වාහන තොරතුරු පුවත්පත් මඟින් ප්‍රසිද්ධියට පත්කරන බවද හෙතෙම පවසයි.

2018 අප්‍රේල් 6 වන විට මෙරට ලියාපදිංචිව ඇති මෝටර් වාහන සංඛ්‍යාව හැත්තෑතුන් ලක්‍ෂ හැත්තෑ හය දහස් දෙසීය හැට අට මේ අනුව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවනු ඇතැයි ද චන්ද්‍රසිරි මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon