රසායන ද්‍රව්‍ය හිඟයක් නිසා මෙවර රතිඤ්ඤා අඩුයි

  👤  3272 readers have read this article !
By mawbima 2018-04-15

උදයන්ති මුණසිංහ

උත්සව සමයේදී රට තුළ රතිඤ්ඤා නිෂ්පාදනවල හිඟයක් මතුව තිබෙන බව පාරම්පරික රතිඤ්ඤා කර්මාන්ත ශාලා හිමියෝ පවසති.

රතිඤ්ඤා නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොටෑසියම් නයිට්ට්‍රේට් නමැති රසායන ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් මේ අර්බුදය මතුව තිබෙන බව ඔවුහු පවසති.

සෑම අලුත් අවුරුදු සමයකදීම රතිඤ්ඤා සහ ගිනිකෙළි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉතා ඉහළ බවත් මෙවර එම ඉල්ලුමට සරිලන ලෙස රතිඤ්ඤා නිෂ්පාදන සැපයිය නොහැකි බවත් ඔවුහු පෙන්වා දෙති.

රතිඤ්ඤා නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොටෑසියම් නයිට්ට්‍රේට් රසායන ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon