අලුත් අවුරුදු චාරිත්‍ර

  👤  3271 readers have read this article !
By mawbima 2018-04-15

පුණ්‍ය කාලය හා ආගමික වතාවත් ඉටු කිරීම

අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා දින පූර්ව භාග 01.49 සිට අපර භාග 02.37 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා දින පූර්ව භාග 01.49ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08.13 සිට අපර භාග 02.37 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.

නැකැතට ළිපගිනි දල්වා ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා දින පූර්ව භාග 10.40ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද, අග්ගලා සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා දින පූර්ව භාග 11.53ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 16 වැනි සඳුදා දින පූර්ව භාග 10.16ට උතුරු දිශාව බලා හිසට දිවුල් පත්ද, පයට ඉඹුල් පත්ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

නව වසරේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 06.03ට උතුරු දිශාව බලා රන්වන් හෝ කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, කිරිබතක් හා හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර පිටත්ව යෑම මැනවි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon