‘බ්‍රැන්ඩික්ස් - රසදිය කුසලාන 2018’ වොලිබෝල් තරගාවලිය පිරිමි ශූරතාව අවිස්සාවේල්ලට සීදුව කාන්තා ශූරතාව දිනාගනී

  👤  2090 readers have read this article !
By mawbima 2018-04-13

සඳරු පෙරේරා

මෙරට වාර්ෂිකව පැවැත්වෙන වොලිබෝල් තරගාවලි අතර ඉහළම සංවිධානයක් සහිත වොලිබෝල් තරගාවලියක් මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනයක් විසින් අඛණ්ඩව 8 වැනි වරටත් පවත්වනු ලැබූ දැවැන්තම වොලිබෝල් තරගාවලිය වන බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාන 2018 වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව අවිස්සාවේල්ල ටීජේ ලංකා කණ්ඩායම(ඊඥඥණචර ඹ්චදඬච ර්ථීඹ්ඛ්, ඒමඪඵඵචඹඥතතච) විසින්ද කාන්තා අංශයේ ශූරතාව සීදුව 'බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයාර්' (ඕපචදඤඪය ඛ්චඵභචතඹඥචප,ඵඥඥඤභඹච) කණ්ඩායම විසින්ද දිනාගන්නා ලදී.

පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගාවලියේ පිරිමි අවසන් මහා තරගයේදී ටීජේ ලංකා කණ්ඩායම හමුවේ පොළොන්නරුව බ්‍රැන්ඩික්ස් ඇත්ලශයර්(ඕපචදඤඪය ඒබඩතඥඪඵභපඥ, නධතධදදචපභඹච) කණ්ඩායම ලකුණු 27-25ක්, 25-22ක් ලෙසින් තරග වට 2-0ක් ලෙස පරාජයට පත්විය. ශිල්පීය දක්ෂතා මනාව උපයෝගී කරගනිමින් දෙපිලම ඉතා උණුසුම් ලෙස තරග වැදුණු අතර පසුගිය වර තමන් අතින් ගිලිහී ගිය ශූරතාව යළිත් තමන් සතු කරගන්නට අවිස්සාවේල්ල ටීජේ ලංකා කණ්ඩායම සමත් විය. එමෙන්ම මෙම කණ්ඩායම් යුගලය රසදිය කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම වරක් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් වීමද විශේෂත්වයකි.

කාන්තා අංශයේ අවසන් මහා තරගයේදී සීදුව 'බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයාර්' හමුවේ 'බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැශන්' (ඕපචදඤඪය ජ්චඵබ ජ්චඵඩඪධද,ඒමඪඵඵචඹඥතතච) ලකුණු 15-08ක්, 15-07ක් ලෙසින් තරග වට 2-0ක් ලෙස පරාජයට පත්විය. ටීජේ ලංකා කණ්ඩායමේ හරිත හෂාන් ප්‍රනාන්දු දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් සඳුන් ශ්‍රීමාල් දක්ෂතම පන්දු ඔසවන්නා ලෙසත් බ්‍රැන්ඩික්ස් ඇත්ලශයර් කණ්ඩායමේ සුරේෂ් මධුශංක දක්ෂතම ප්‍රහාරකයා ලෙසත් සම්මාන හිමි කරගත් අතර බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් කණ්ඩායමේ සචිනි හංසිකා දක්ෂතම ක්‍රීඩිකාව මෙන්ම දක්ෂතම ප්‍රහාරිකාව ලෙසත් තුෂාරි ප්‍රියදර්ශනී හොඳම පන්දු ඔසවන්නිය ලෙසත් සම්මාන දිනාගත්තාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon