ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව මම ක්‍රීඩාවෙන් සමුගන්නවා-පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිනී අනූෂා

  👤  3336 readers have read this article !
By mawbima 2018-04-19

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

පසුගියදා නිමාවූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බොක්සිං ක්‍රීඩා කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දුන් අනූෂා කොඩිතුවක්කු ක්‍රීඩිකාව 17 වසරක ක්‍රීඩා දිවිය පසුකරමින් මෙම වර්ෂයේ අගෝස්තු මස පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමෙන් අනතුරුව ක්‍රීඩා දිවියට සමුදෙන බව "මවිබිම"ට ප්‍රකාශ කළාය.

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගිරිඋල්ල _ බටපොතුඇළ ප්‍රදේශයේ පදිංචි අනූෂා කොඩිතුවක්කු නම් දිරිය ක්‍රීඩිකාව ඇය මෙතෙක් ආ දුෂ්කර ගමන්මඟ පිළිබඳව "මව්බිම"ට පැවැසූ කතාවයි මේ. "අවුරුදු 68කට පස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරලා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකින් පදක්කමක් ලබා ගන්නවා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. මේ ජයග්‍රහණය වටා පුහුණුකරුවන් ගොඩක් ඉන්නවා. හර්ෂ කුමාර සර් තමයි මගේ අත් දෙකට ග්ලව්ස් දෙකක් දාලා මුලින්ම මේ පිළිබඳ සිහිනයක් මැව්වේ. අමුණුගම කියලා සර් කෙනෙක් සිටියා. ඒ සර් ලොකු උදව්වක් දුන්නා. නමුත් අනූෂා කොඩිතුවක්කු නිර්මාණය කළේ ඩයන් ගෝමස් සර්. අද මේ කරට වැටුණු පදක්කමේ සැබෑ හිමිකරුවා ඩයන් ගෝමස්. මගේ අනාගතේ හැදුවේ ඩයන් සර්. ඒ වගේම මම මතක් කරන්න ඕන මම දැනට එම්.ඒ.එස්. සමූහ ආයතනයේ මානව සම්පත් අංශයේ විධායක නිලධාරිනියක් විධියට වැඩ කරනවා. එම්.ඒ.එස්. ආයතනය පෞද්ගලික ආයතනයක් වුණත් ඒ අයගේ පෞද්ගලික ධනය ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වැය කරලා කරන මේ කටයුත්ත සුළුපටු නෑ. විශේෂයෙන් බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් ඔවුන් වැය කරනා මුදල් සුළුපටු නෑ. ඒ වගේම ජිනාල් පීරිස්, රුවන් කෑරගල යන මහත්වරුන්වත් මතක් කරන්න කැමැතියි. ඔවුන් අපිට දැක්වූ සහයෝගය මතයි අපිට මේ ජයග්‍රහණය කරා යන්න පුළුවන් වුණේ."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon