බැඩ්මින්ටන් සංගමයේ ලේකම් හා උප සභාපති තනතුරු සඳහා මොහාන් හා වසන්ත පත්වෙති

  👤  3287 readers have read this article !
By mawbima 2018-04-19

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් අතුරු පාලක කමිටුවේ සාමාජිකයන්ව සිටි රොහාන් ද සිල්වා හා ක්ලැරන්ස් හෝමර් යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් වීමත් සමඟ බැඩ්මින්ටන් අතුරු කමිටුවේ නව ලේකම් තනතුර සඳහා මොහාන් විජේසිංහ මහතාත් උප සභාපතිවරයකු ලෙස වසන්ත කුමාර මහතාත් පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව බැඩ්මින්ටන් අතුරු කමිටුවේ ඇති වී ඇති හිඩැස වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් මෙයට සති කිහිපයකට පෙර මෙකී පත්වීම් සඳහා අනුමැතිය ලබා දුන්නද ඊට අදාළ ලියකියවිලි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු උසස් නිලධාරියකු හා නිලධාරිනියක විසින් හිතාමතාම ප්‍රමාද කර තිබිණි.
හිටපු ක්‍රීඩා ඇමැතිවරයා ලබා දුන් එම පත්වීමේ ලියවිල්ල ගැසට් නිවේදනයකට යැවීමට පෙර පරිවර්තනය කර මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවිය යුතු වුවත් දින කිහිපයක් එම ලියවිල්ල ඔවුන් ස¼ගවාගෙන සිටි බවද පැවැසේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා එම ලියවිල්ල පිළිබඳව විමසා බැලීමකින් අනතුරුව ඒ සඳහා ඉක්මනින් විසඳුමක් ලබාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2018-04-12 දින නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව මෙම පත්වීම් සිදුව තිබේ.

මේ අතර බැඩ්මින්ටන් සංගමයේ ඉහළ නිලයක් ඇති පුද්ගලයකු වසන්ත කුමාර මහතා උප සභාපතිවරයකු වශයෙන් පත් නොකරන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසී ඉල්ලීමක් කර තිබුණද එය ඉවත දැමූ හෙයින් මෙම පත්වීමට එරෙහිව ඔහු විවිධ කූට උපායන් කිරීමට පෙළඹී ඇති බවද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon