‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය දෙවැනි කොටසේ ශූරතාව දේවපතිරාජයට

  👤  3159 readers have read this article !
By mawbima 2018-04-19

ඉෂාන් රශ්මිත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය පසුගියදා සමත්විය.

මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.

මෙම අවසන් තරගයේදී කාසියේ වාසිය දිනාගත් රත්ගම දේවපතිරාජ විදුහල් පිලේ නායකගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් තම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 275ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රත්ගම දේවපතිරාජ විද්‍යාලය කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 283ක් රැස් කළේය.


ශාන්ත ආනා පිල වෙනුවෙන් උප නායක පුබුදු ගනේගම නොදැවී ලකුණු 68ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු ධනංජය බණ්ඩාර ලකුණු 57ක් රැස් කළේය.
ශාන්ත ආනා පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ දිනෙත් චන්දිමාල් සහ ධනංජය බණ්ඩාර ලකුණු 101ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර, දිනෙත් චන්දිමාල් සමඟින් එක්වූ නායක රන්දීර රණසිංහ දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 62ක සම්බන්ධතාවක් පවත්වමින් තම ඉනිම ගොඩනැංවීමට දායක වූහ.
වනිත වන්නිනායක ලකුණු 26ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ 14 හැවිරිදි ළාබාල ක්‍රීඩක ඉරුෂ්ක තිමිර ලකුණු 87ට කඩුලු 5ක් දවාලීය. පවන් සංදේශ් ලකුණු 45ට කඩුලු 3ක් දවාලීය.

දේවපතිරාජ පළමු ඉනිම වෙනුවෙන් දක්ෂ පිති හරඹයක් දියත් කළ සුදීර වීරරත්න පන්දු 237කදී හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 104ක් රැස් කළේ මෙවර තරගවාරයේ තම දෙවැනි ශතකය වාර්තා කරමිනි. තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්වෙමින් රවීන් යසස් පන්දු 139කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 68ක් රැස් කළේය.
දකුණත් පිතිකරු සුදීර වීරරත්න සහ වමත් පිතිකරු රවීන් යසස් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක සම්බන්ධතාවයක් පවත්වමින් තම ඉනිම ගොඩනැංවීමට දායක වූ අතර, ජීවක ශෂීන් සහ සුදීර වීරරත්න තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සම්බන්ධතාවක් පැවැත්වූහ. නායක පැතුම් මධුසංක සහ උප නායක තිසර ඩිල්ෂාන් නොදැවී ලකුණු 20ක් බැගින් රැස් කරමින් තම පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට දායක වූහ. ධනංජය බණ්ඩාර ලකුණු 22ට කඩුලු 2ක් දවාලීය.

ශාන්ත ආනා: පළමු ඉනිම _ 275 (පුබුදු ගනේගම නොදැවී 68, ධනංජය බණ්ඩාර 57, දිනෙත් චන්දිමාල් 51, රන්දීර රණසිංහ 46, ඉරුෂ්ක තිමිර 87/5)

දේවපතිරාජ: පළමු ඉනිම _ 283/6
(සුදීර වීරරත්න 104,
රවීන් යසස් 68)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon