ච්ඉධ් සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරග 27දා සිට

  👤  3182 readers have read this article !
By mawbima 2018-04-19

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,

ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඩී.එස්.අයි. සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව 18 වැනි වරටත් සංවිධානය කරන ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලිය මේ මස 27 වැනිදා ආරම්භ වන අතර මෙවර තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 5000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීම ද විශේෂත්වයකි.

ඒ අනුව මෙම වසරේදී පළමු වරට තරගාවලියට එක්වන වයස අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයද ඇතුළුව වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ යන වයස් කාණ්ඩවලින් බාලක සහ බාලිකා යන දෙඅංශයෙන්ම තරග පැවැත්වේ.

මේ අතර මෙම තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග අප්‍රේල් මස 27 වැනිදා සිට මැයි මස 1 වැනිදා දක්වාද, ජාතික මට්ටමේ තරග මැයි මස 31 වැනිදා සිට ජුනි මස 2 වැනිදා දක්වාද අවසන් මහා තරග අගෝස්තු මස 3 සහ 4 යන දිනවලදී මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon