පිටබැද්දර අනාරක්ෂිත ළිඳක පිරිමි මළසිරුරක්

  👤  3197 readers have read this article !
By mawbima 2018-04-19

මාකඳුර - අජිත් ලංකාතිලක

මාතර, පිටබැද්දර, දංකොළුවවත්ත ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳක තිබී පිරිමි අයකුගේ මළසිරුරක් ඊයේ (18දා) සොයාගත් බව පිටබැද්දර පොලිසිය කියයි.

අකුරැස්ස සහකාර පොලිස් අධිකාරි එම්.ඩී.ඩී. සේනානායක මහතාගේ උපදෙස් මත පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර මහතාගේ අධීක්ෂණයෙන්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි විදානපතිරණ, සැරයන්වරුන් වන සොයිසා (8094), සුසිරිපාල (25048), රංජිත් (64460), පො.කො. ගාමිණී (58881) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

මළසිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon