උතුරු මහ ඇමැති නව පක්ෂයකින් මහ ඇමැති ධුරයට තරග කිරීමේ සූදානමක්

  👤  3323 readers have read this article !
By mawbima 2018-04-19

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත ශේෂලා අමරසිංහ

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂකත්වය සී.වී. විග්නේශ්වරන් මහතාට නොදෙන හේතුවෙන් නව පක්ෂයකින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය තනතුරට තරග කිරීමට සූදානමක් ඇති බවටත් තම පක්ෂය ඊට සහාය දීමට සූදානම් බවත් ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවැසීය.

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සී.වී. විග්නේශ්වරන් මහතාට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ලබා නොදෙන බවට කළ ප්‍රකාශයට අනුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ විමසීමේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් කියා සිටියේ,

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මාධ්‍යයට කියල තිබුණා මේ සතියේ අලුත් පෙරමුණක් හදන බවට. ඒක ඇත්ත නම් අපි එතුමාත් එක්ක කටයුතු කරන්න සූදානම් වෙලයි ඉන්නේ. එම පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ආකාරයට සකස් වෙලා තිබෙනවා නම් අපි ඔවුන් සමඟ සාකච්ඡා කරන්න දැන් වුණත් සූදානමෙනුයි ඉන්නේ. දෙමළ ජාතික සන්ධානයෙන් අවස්ථාව නැති නිසා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී. විග්නේශ්වරන් මහතාම නැවත කටයුතු කිරීම බොහෝ ජනතාවගේ අවශ්‍යතාවක් වගේම ඉල්ලීමකුත් තිබෙනවා.

ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරමින් උතුරු පළාත් සභාවේ මන්ත්‍රි ධුර 3ක් ඇති අතරම ඔවුන් විසින් ඇති කරගෙන ඇති නව පක්ෂය වූ දෙමළ ජාතික විමුක්ති සන්ධානය විසින් පසුගියදා වවුනියාව නගර සභාවේ බලයද හිමි කරගත්තේ දෙමළ ජාතික සන්ධානය පරාජය කරමින් තවත් පක්ෂ කිහිපයක සහායද සමඟය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon