දුර්ලභ ගණයේ දෙබිඩි කැස්බෑ පැටවුන් දෙදෙනකු මාතර මිරිස්ස වෙරළෙන් සොයාගෙන

  👤  3356 readers have read this article !
By mawbima 2018-04-19

තිහගොඩ - කැලුම් පලොල්පිටිය

මෙතෙක් වනජීවී ඉතිහාසයෙන් වාර්තා නොවූ දෙබිඩි කැස්බෑ පැටව් දෙදෙනකු මාතර මිරිස්ස වෙරළ තීරයේදී මිරිස්ස වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන්ට සොයා ගැනීමට හැකි වී තිබේ. පෙරේදා (17දා) මේ අපූර්ව සත්ත්වයන් දෙදෙනා සොයා ගැනීමට හැකි වී තිබේ. මේ වන විට මිරිස්ස වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට යටත් වනජීවී දෙපාර්තමේන්තුවේ හඳුනාගත් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ මේ සත්ත්වයන් දෙදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ. අණදෙන නිලධාරි කමාන්ඩර් එස්.ආර්. රූපසිංහ මහතාගේ මැදිහත්වීම යටතේ මේ සත්ත්වයන් දෙදෙනා සිටින අතර මිරිස්ස වනජීවී නිලධාරීන් පැමිණ මේ සත්ත්වයන් නිරීක්ෂණය කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon