වලිකාමම් වැසියන්ට අක්කර 683ක් ආපසු දීම දෙමළ සන්ධානයේ ජයග්‍රහණයක්

  👤  3268 readers have read this article !
By mawbima 2018-04-19

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ වැසියන්ට යුද හමුදාවෙන් අක්කර 683ක් ආපසු ලබාගෙන ජනතාවට බෙදා දීමට හැකි වීම දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් ලද විශාල ජයග්‍රහණයක් බව එම සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා හා එම්.ඒ. සුමන්තිරන් මහත්වරු කියා සිටිති.
එම මන්ත්‍රිවරුන් දෙපළ එසේ පැවැසුවේ පෙරේදා (17දා) දහවල් යාපනයේ වලිකාමම්, තෙලිප්පලේ හා මයිලිට්ටි යන පළාත්වලින් ජනතාවට ලැබුණු ඉඩම් දැකබලා ගැනීමට ගිය අවස්ථාවේදීය.

වසර විසි නවයකට පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් පිරිසක් එම ගම්මානවලට ගිය පළමු අවස්ථාව මෙය වන අතර මේ ගමන සුමන්තිරන් මහතා මන්ත්‍රිවරයකු වූ පසුව මේ ගම්මානවලට ගිය මුල්ම ගමනද වෙයි.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රිවරු තවදුරටත් පැවැසුවේ යාපනයේ ආරක්ෂක අංශ විසින් තවදුරටත් භාවිත කරමින් සිටින මහජනතාවට අයත් ඉඩම් සියල්ල ඉතා ඉක්මනින් ජනතාවට ලබා දීමට රජයට බල කොට සිටින බවයි.

රජය එම තීරණයට පැමිණෙන තුරු දෙමළ ජාතික සන්ධානයේ අරගලය අත් නොහරින බවද මන්ත්‍රිවරු දෙපළ ප්‍රකාශ කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon