නිධානයකින් හමු වූ බව කියමින් රන් - රිදී - මුතු - මැණික් හා ත්‍රස්තවාදීන් සැඟවූ ඩොලර් බව පෙන්වා මහා ජාවාරමක් අනුරාධපුරය පුරා

  👤  3236 readers have read this article !
By mawbima 2018-04-19

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

නිධානයකින් හමු වූ බව කියන රන්, රිදී, මුතු, මැණික් මෙන්ම යුද සමයේ ත්‍රස්තවාදීන් විසින් සැඟවූ ඩොලර් ඇතැයි කියමින් මහා පරිමාණ කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රභූ ප්‍රද්ගලයන් රවටමින් මුදල් වංචා කරන (මරංචි) මහා ජාවාරමක් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා නැවතත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ වන විට ඊට අසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් පිරිස් පිළිබඳ පසුගිය සති කිහිපය පුරාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස්ථාන වෙත පැමිණිලි ලැබී තිබිණි.
අනුරාධපුර නගරය, ශාවස්තිපුර, මිහින්තලය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, ඉපලෝගම, කැකිරාව, හොරොව්පොතාන, නොච්චියාගම යන ප්‍රදේශවල පදිංචි මරංචි ජාවාරම්කරුවන් පිරිසක් එක්වී ජාවාරම ක්‍රියාත්මක කරන අතර සියලුම ජාවාරම්කරුවන් ව්‍යාපාරිකයන් රවටා උපයන මුදලින් සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සමාජයට ධනවත් ව්‍යාපාරිකයන් බව අඟවමින් කාලය ගත කරති.

දිගු නිහැ¾ඩියාවකින් අනතුරුව පසුගිය සති අටක දහයක පමණ සිට මරංචිකරුවන් නැවතත් ජාවාරම ක්‍රියාත්මක කරන අතර ඔවුන් ඉතා සූක්ෂ්මව ව්‍යාපාරිකයන් රවටා ඔවුන් සතු මුදල් කොල්ලකෑමට සමත් වී සිටී.

විවිධ පුද්ගලයන් හරහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් හා ප්‍රභූ පුද්ගලයන් සමඟ කිට්ටු හිතවත්කම් ඇති කර ගන්නා මරංචිකරුවන් පැය කිහිපයක් ඇතුළත ධනවතුන් ඔවුන්ගේ දැලට අසුකර ගැනීම සිදුකරයි. ඔවුන් රන් ආභරණ, පෞරාණික දේව පිළිම, බුදු පිළිම, මුතු මැණික් මෙන්ම දියමන්ති එබ්බවූ පැරැණි ආභරණ ඔවුන් සන්තකයේ ඇතැයි කියමින් ව්‍යාජ අන්දමින් රන් රිදී හා පැරැණි පැහැයන්ට සැකැසූ භාණ්ඩ පෙන්වා ධනපතියන් මුළා කරන බව හෙළි වී තිබේ.

රන් ආභරණ හා මුතු මැණික් අලෙවියේදී ඔවුන් සන්තකයේ තිබෙන සත්‍ය භාණ්ඩ ව්‍යාපාරිකයන්ට පෙන්වා විශ්වාසය තහවුරු කර ගැනීම සිදු කරයි. ඊට අමතරව අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය ඇතුළු පෞරාණික ස්ථානයක සිදුකළ කැණීමකදී මැණික් මංජුසාවක් රජවරුන් කුමාරිකාවන් පැලඳි දියමන්ති මාල, අත් පලඳනා, මාල මෙන්ම රන් කහවනු හා කඩු කිණිසි හමු වූ බව කියමින් ඔවුන් ජාවාරම යහමින් සිදු කර පොලිසියට කට්ටි පැනීම සිදු කරයි.

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ජාවාරම වන්නේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යුද සමයේ සැ¼ගවූ ඇමෙරිකන් ඩොලර් අඩු මිලට විකිණීමේ ජාවාරමයි. එම ජාවාරම සිදුකරන්නේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගේ වෙස් ගෙන සිටින තරුණයෙකි. ඔහු මේ වන විට කෝටිපති ව්‍යාපාරිකයන් රවටා රුපියල් කෝටි ගණනක් උපයාගෙන තිබේ. ඊට අමතරව මුදල් නෝට්ටු දෙගුණ කිරීම හා ඉඩම් ලබාදෙන බව පවසමින් මරංචි ජාවාරම සිදුකරමින් මුදල් ඉපැයීමද අනුරාධපුරයේ සිදුවේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon