උඩවලව ජලාශයේ සුළු ඉරිතැළීමක් මිසක් කිසිම අවදානමක් නෑ

  👤  3180 readers have read this article !
By mawbima 2018-04-19

හර්ෂනී අර්සකුලරත්න, ඇඹිලිපිටිය- රූපසේන පත්තුව

ඉන්ජිනේරුවරුන් සිදුකළ අධ්‍යයනයකට අනුව උඩවලව ජලාශයේ වේල්ල කිසිදු පිපිරීමකට භාජන වී නොමැති බවත් ඇතිවී ඇත්තේ සියුම් ඉරිතැළීමක් පමණක් හෙයින් එහි කිසිදු අවදානමක් නැති බවත් අනාවරණය වී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

මේ හේතුවෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවද ඇමැතිවරයා අවධාරණය කළේය. වසර 3කට පසුව උඩවලව ජලාශයේ වාන් ‍ෙදාරටු සියල්ලක්ම විවෘත කළ බවත් වාන් ‍ෙදාරටු විවෘත කරන මට්ටමට පැමිණි පසු ඒ අවස්ථාවේදී සිදුකරන පරීක්‍ෂණවලට බාධා වීම වැළැක්වීම ස¼දහා ඉතාමත් බර වාහන පමණක් ගමන් කිරීම නැවැත්වීමට සිදුවන බවත් ඇමැතිවරයා පැවැසුවේය. කෙසේ වෙතත් මේ සීමා කිරීම සිදුවන්නේ වාන් ‍ෙදාරටු විවෘතව තබන අවස්ථාවේදී පමණක් බව ද එම වේල්ල හරහා වාහන ගමනා ගමනය තහනම් කිරීමක් කිසිසේත් සිදුනොවන බවද ඔහු පැවැසුවේය.

මෙම වේල්ලේ සිදුවී ඇතැයි පවසන ඉරිතැළීම් තත්ත්වය පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා ඊයේ (18දා) නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ අදහස් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon