යාපනය නව නගරාධිපති ආණ්ඩුකාරවරයා හමුවෙයි

  👤  3196 readers have read this article !
By mawbima 2018-04-19

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනය නව නගරාධිපති ඉමානුවෙල් ආනෝල්ඩ් මහතා ඊයේ (18දා) උතුරු පළාත් නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාව ආණ්ඩුකාර කාර්යාලයේදී හමුවිණි.
මේ දෙදෙනා අතර පැවැති සාකච්ඡාවේදී යාපනයේ සංවර්ධන කටයුතු හා පොදු මහජනතාවගේ අවශ්‍යතාවන් පිළිබඳව කරුණු සාකච්ඡා කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරයි.

මෙහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නගරාධිපතිවරයාට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට එකඟ වී ඇති අතර ඉතාම ළාබාල වියේ අයකු යාපනය නගරාධිපති ධුරයට පත්වීමත් නව ආකල්ප යටතේ ජනතාවට විශාල සේවයක් කරනු ඇතැයි විශ්වාස කරන බවද පවසා ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon