මැදිරිගිරියේදී යතුරුපැදි අනතුරෙන් හමුදා සෙබළා මරුට

  👤  3166 readers have read this article !
By mawbima 2018-04-19

හිඟුරක්ගොඩ - ප්‍රියා

මැදිරිගිරිය පොලිස් වසමේ මීගස්වැව ප්‍රදේශයේදී පෙරේදා (17දා) මධ්‍යම රාත්‍රියේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් එහි ගමන් ගත් අයකු තුවාල ලබා අනෙක් පුද්ගලයා මරණයට පත්ව ඇත. බරපතළ තුවාල ලැබූ යුද හමුදා සෙබළා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව මැදිරිගිරිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ අංක 153 දම්සෝපුර මහතලාකොළවැව මැදිරිගිරිය ලිපිනයේ පදිංචි දෝවිට මුදියන්සේලාගේ දුලාජ් මදුරංග දිසානායක (22) අවිවාහක අයෙකි.

අනතුර සිදුව ඇත්තේ මියගිය හමුදා සෙබළා යතුරුපැදියෙන් තම මිතුරා පදිංචිව සිටින පතොක්වැව දෙසට ධාවනය කරමින් සිටියදී පතොක්වැව පොදු සුසාන භූමිය ආසන්නයේ පිහිටි වංගුව සහිත ස්ථානයේදී යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන යෑමෙනි. යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාගෙන් කිසිවකුත් හිස්වැසුම් භාවිත කර නොමැත.

ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ මේ පතොක්වැව සුසාන භූමිය ආසන්නයේ පිහිටි වංගුවේ අනතුරු 20ක් පමණ මීට පෙර සිදුව ඇති බවත් කිසිවකුත් මරණයට පත් නොවූ අතර 21 වැනි වතාවට සිදු වූ මේ අනතුරෙන් එක් අයකු මියගිය බවත් මේ ස්ථානය පසු කිරීමේදී අධික වේගයෙන් රිය ධාවනය නොකළ යුතු බවත්ය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon