නාස්ති නොකර සෑම මුදලක්ම ජනතා සේවයට යොදවන්න

  👤  3484 readers have read this article !
By mawbima 2018-04-19

රටේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් සෑම මුදලක්ම යෙදෙවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාලනය කරනු ලබන සියලුම පළාත් පාලන ආයතන වගබලා ගත යුතු බවත්, තමා ඒ ගැන දැඩි අවධානයකින් පසුවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

වසර 3කට වැඩි කාලයක් තිස්සේ පළාත් පාලන ආයතනවලින් නිසි සේවයක් සිදුනොවුණු නිසා බොහෝ ප්‍රදේශවල ගැටලු රැසක් පවතින බවත් එම ගැටලු හඳුනාගෙන කඩිනමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් ඇතුළු ඒවායේ ජනතා නියෝජිතයන් ක්‍රියා කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පළාත් පාලන මැතිවරණය නිසි වේලාවට පැවැත්වීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා නොකළ නිසා එම ආයතන අරාජික වීමෙන් කැළි කසළ ගැටලුව, ඩෙංගු වසංගතය, යටිතල පහසුකම් නඩත්තු නොවීම ඇතුළු පාරිසරික හා ජනතා ගැටලු රැසක් උත්සන්න වී තිබෙන නිසා එම ගැටලු විසඳීම සඳහා පළාත් පාලන ආයතන ක්‍රියා කළ යුතු බව මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

එම නිසා අනවශ්‍ය වියදම් නොකර පළාත් පාලන ආයතනවලට වෙන්වී ඇති මුදල් ප්‍රතිපාදන සියලුම දේවල් ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට, ඔවුන්ගේ ගැටලු විසඳීමට යෙදවිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

මීට පෙර තමාගේ ආණ්ඩුව පැවැති කාලයේදී නගරය මෙන්ම ගම මුල්කරගෙනද විශාල සංවර්ධනයක් සිදුවූ බවත් එම සංවර්ධනය පළාත් පාලන ආයතනවලට හැකි පමණ උපරිම ආකාරයකින් නැවත සිදුකිරීමට පළාත් පාලන ආයතන වගබලා ගත යුතු බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon