තනතුරු අතහරින්න ඕනෑම වෙලාවක අපි සූදානම්

  👤  3324 readers have read this article !
By mawbima 2018-04-19

තනතුරු අත්හැර ඕනෑම වේලාවක යන්න සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට ඉකුත්දා සහභාගි වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එසේ කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

ජනාධිපතිතුමා අපිට පැහැදිලිව කිව්වා එතුමා ආණ්ඩුව කරන්න ඕන කියලා. අවුරුදු පහකට බලය ලැබිලා තියෙනවා. එතුමා ආණ්ඩුව ගෙනියනවා කිව්වා. අපිට ජනාධිපතිතුමා කිව්වේ ආණ්ඩුවේ ඉන්න කියලා. අපිට කිව්වේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න එපා. ආණ්ඩුවේ ඉන්න කියලා. එතුමාට ආණ්ඩුව කරන්න ඕන. එතුමාට රට හදන්න ඕන. ඒ වගකීමට එතුමාට උදවු කරන්න කියලා ජනාධිපතිතුමා අපිට කිව්වා. ඒ නිසා ජනාධිපතිතුමාගේ වචනෙත් එක්ක තමයි අපි මේ තනතුරුවල ඉඳගෙන වැඩ කරන්නේ. නැත්නම් මේ තනතුරු දාලා යන්න අපිට ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක අපිට යන්න පුළුවන්. අපි ඡන්දෙන් දිනපු කට්ටිය. අපි ජනතාව එක්ක ඉඳපු කට්ටිය. ජනතාවගෙන් නැඟිට්ට කට්ටිය විදියට අපිට ඒ හයිය ශක්තිය තියෙනවා.'

පසුගිය දවස්වල විශ්වාසභංගයක් තිබුණා. විශ්වාසභංගය පරාද වුණා. ඒ ගැන අපි කල්පනා කළා. දිනන්න බැරි බව පෙනුණා. අපිත් විශ්වාසභංගය එක්ක හිටපු කට්ටියක්.

ඒක මෙහෙයවපු කට්ටියම අපිට ඇවිල්ලා කිව්වා දිනන්න බැහැ. නම්බර්ස් නැහැ. කට්ටිය නැහැ කියලා. අවසාන දවසෙත් කිව්වා. අපේ ගෙදරදීත් කිව්වා. නිකන් ගිහිල්ලා මොකටද අපි පක්‍ෂව දුන්නෙත් නෑ. විරුද්ධව දුන්නෙත් නෑ. අපි හිටියා. දැන් ඉතින් කට්ටියක් ඉවත් වෙලා තියෙනවා. අපේ මිත්‍රයෝ තමයි. ඒ ගිහිල්ලා දැන් ගොඩක් දේවල් කියනවා. මට හිතෙනවා අපි මිනිස්සුත් එක්කද හිටියේ කියලා. සමහර දෙතුන් දෙනෙක්ගේ කතා අහනකොට මිනිස්සුත් එක්කද හිටියේ? අපි මෙච්චර දවස් කාලා බීලා එකට හිටපු කට්ටිය. හිතේ අමාරුවටත් කියන කට්ටිය ඉන්න බව අපි දන්නවා. හැබැයි ගොඩක් අය නෙවෙයි. දෙතුන් දෙනෙක්. අපි දන්නවා වෛරයෙන් කේ‍රා්ධයෙන් ඉන්නවා විතරක් නෙවෙයි වෙන වෙන පක්‍ෂවලට අපි යනව කියල හංවඩු ගහන්න හදනවා. අපි යූ.එන්.පී. එකට යනවා කියලා. අපි නම් යූ.එන්.පී. යන්නේ නෑ. ගොඩක් කට්ටිය යූ.එන්.පී. ඉඳලා ඇවිල්ල ආයෙ ගිහිල්ලා ආයෙ ඇවිල්ලා හෙට අනිද්දා නවතින්නෙත් තව පක්‍ෂයක. අපි අපේ මිත්‍රයන්ට ‍ෙදාස් කියන්නේ නැහැ. කනගාටු වෙනවා සමහර කතා සමහර ප්‍රවෘත්ති දැක්කම. මං ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. සජීවී වැඩසටහනකදී කියනවා. මේකේ ඇත්ත කතන්දරය මමත් කියන්න දන්නවා.

අද හැම වෙලාවෙම අසුබවාදී දේවල් කතා කරනවා. පත්තරවල හැමදාම මුල් පිටුවෙ තියෙන්නේ බොරු ප්‍රවෘත්තියක්. ගොඩක් පත්තරවල තියෙන පළමුවැනි ප්‍රවෘත්තිය දෙවැනි ප්‍රවෘත්තිය පට්ටපල් බොරු. මොකද පත්තරවල අයිතිකාරයෝ දේශපාලනයේ ඉන්නවා ගොඩක් කට්ටිය.

මාධ්‍යවල අයිතිකාරයෝ තමයි ඒවා හුඟක් නිර්මාණය කරන්නේ. හුඟක් තැන්වල ඒ අයිතිකාරයන්ගේ දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලන කට්ටිය තමයි ඒවා දාන්නේ. එතකොට මිනිස්සුන්ගේ මොළය විකෘති වෙනවා, පත්තරවල ප්‍රවෘත්ති ටික බැලුවම මේ රට නිකන් විසාලා මහනුවර වුණා වගේ. කන්න බොන්න නැතිව මිනිස්සු මැරෙන රටක් වගේ තමයි පේන්නේ. ආණ්ඩුවට විරුද්ධ ප්‍රවෘත්ති තමයි ගොඩක් ජනමාධ්‍යවල පළවෙලා තියෙන්නේ.

තංගල්ල - සහම්පති මානගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon