කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කිරීමට ඉඩ දෙන්නේ නෑ

  👤  3074 readers have read this article !
By mawbima 2018-04-20

උදයන්ති මුණසිංහ


කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කර පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කිරීමට ඉඩ නොදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරයි.


ආණ්ඩුව කොතලාවල විශ්වවිද්‍යා පීඨය පෞද්ගලීකරණය කිරීම සඳහා පනතක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවට ඇති සූදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.


ලංකා ගුරු සේවා සංගමය පසුගියදා (18දා) කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.


මෙම විද්‍යා පීඨය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙන බවද ඔහු මෙහිදී පැවැසුවේය.


රටේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය පුළුල් කළ යුතු නම්, ආණ්ඩුව කළ යුත්තේ තවදුරටත් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය පුළුල් කිරීම බවත් නමුත් ඒ වෙනුවට ආණ්ඩුව උත්සාහ කරන්නේ එම සමාජ වුවමනාවන් පාවිච්චි කොට වෙනත් කාරණයක් ඉදිරියට ගැනීමට උත්සාහ කිරීම පමණක් බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
ගුරු සංගමයක් ලෙස තම සංගමය මෙයට දැඩි විරෝධය පළ කරන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon