හම්බන්තොට සිට යාපා පටුන දක්වා අඹ පැළ ලක්ෂ 50ක් වගා කරනවා

  👤  2934 readers have read this article !
By mawbima 2018-04-20

ආරියරත්න ගනේගොඩ


රටේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි හම්බන්තොට වෙරළ තීරයේ සිට යාපා පටුන දක්වා 'ටොම් ඊ.ජේ.සී. අඹ පැළ ලක්ෂ 50ක්ද, කටු අනෝදා පැළ ලක්ෂ 50ක්ද වගා කිරීමට සැලසුම් කර තිබෙනවා යැයි පැළයක් සමඟ ඵලයක් වැඩසටහන අරඹමින් ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා බත්තරමුල්ල සුහුරුපායේදී ප්‍රකාශ කෙළේය.
දයා ගමගේ ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැළ ලක්ෂයක් සිටුවීම ආරම්භ කරමින් වගා කළ හැකි සෑම බිම් අඟලකම අපනයන බෝග පැළ දස කෝටියක් සිටුවීමේ මහා වගා සංග්‍රාමයට පැළ බෙදාදීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.


මෙහිදී ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා මෙසේද කීය.


දස කෝටියක් කිව්වාම සමහරුන්ට මේක පුදුම හිතෙන කාරණයක් වෙන්න පුළුවන්. නමුත් දැනටමත් අපි ඒ අභියෝගයට මුහුණ දී අවසන්. පසුගිය කාලය තුළ පමණක් අප විසින් අපනයන බෝග පැළ මිලියන 25ක ඉලක්කයක් සම්පූර්ණ කර තිබෙනවා. මේ සමඟම කුරුඳු, ගම්මිරිස්, ඔෟෂධ පැළ සහ විවිධ පැළ වර්ග මිලියන 90ක් වගා කරන්න අප බලාපොරොත්තු වෙනවා.


2020 වන විට මේ සාර්ථක වගා ව්‍යාපෘතියේ ඵල නෙළා ගනිමින් අපනයන සැපයුම දෙගුණයකින් වැඩි කරගැනීමයි මෙහි මූලික පරමාර්ථය වන්නේ. මෙමඟින් දළ ජාතික නිෂ්පාදනය වැඩිවෙන්නා සේම ගොවි මහත්වරුන්ට ඉතා හොඳ ඉහළ ආදායම් උපයා ගත හැකි බව විශ්වාසයයි.


රාජ්‍ය පරිපාලන කළමනාකරණය සහ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා
අද අපගේ වන භූමිය 20%ත් 22%ත් අතර ප්‍රමාණයක් දක්වා අඩු වී තිබෙනවා.


ඒ නිසා අපිට හැකි සෑම අයුරකින්ම එක් පැළයක් හෝ සිටුවා රටට සෙතක් සලසන්න පියවර ගත යුතු වෙනවා. එය අද ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මඟින් රට පුරාම ආරම්භ කර තිබීම ඉතාමත් සතුටක්.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon