අවුරුදු සමයේ මාළු මිල ස්ථාවරව පවත්වා ගැනීමට ලංකා ධීවර සංස්ථාවට හැකිවුණා

  👤  2814 readers have read this article !
By mawbima 2018-04-20

නුවන් හෙට්ටිආරච්චි


අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළේ මාළු මිල ගණන් ඉහළ යෑම වළක්වා ස්ථාවර මිලක පවත්වා ගැනීමට ලංකා ධීවර සංස්ථාවට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.


පාරිභෝගිකයා සුලබ වශයෙන් මිලදී ගන්නා මාළු වර්ග 4ක් සහන මිලට ලබාදීම මඟින් මෙසේ මාළු මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වූ බව හෙතෙම පැවැසීය.
මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ පෙරේදා (18දා) එම අමාත්‍යාංශයේ පැවැති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.


පසුගිය වසර කීපය තුළ උත්සව සමයන්හි ඇතැම් වෙළෙඳුන් වැඩි ඉල්ලුමක් ඇති මාළු වර්ගවල මිල ඉහළ දමා තිබුණා. එමඟින් මහජනතාවගේ මුදල් වැඩිපුර ගත්තා. ඒ නිසා මෙවර එම වැඩපිළිවෙළ නතර කිරීමට ධීවර සංස්ථාව මඟින් ප්‍රධානතම මාළු වර්ග කීපයක මිල අඩු කළා.


එහිදී කිසිම වෙළෙන්දකුට හැකියාවක් නැහැ මාළු මිල ඉහළ දැමීමට. ඒ නිසා පෞද්ගලික මාළු ව්‍යාපාරිකයන්ටත් අපේ මිලට මාළු අලෙවි කරන්නට සිදුවුණා. මෙම මිල අඩු කිරීම නිසා ලංකා ධීවර සංස්ථාවෙන් මාළු ලබා ගැනීමට පාරිභෝගිකයා උනන්දු වෙලා තියෙනවා. ඒ නිසා ලංකා ධීවර සංස්ථාව වාර්තාගත ආදායමක් උපයාගෙන තියෙනවා. අද ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන රාජ්‍ය ආයතනවලින් එකක් වෙලා. මේ අවුරුදු සමයේ ලංකා ධීවර සංස්ථාව උපයාගත් ලාභය මඟින් සේවක පිරිසට හිඟ වැටුප් මෙන්ම පාරිතෝෂික දීමනා ලබා දුන්නා. ඒ වගේම සංස්ථාව නමින් ස්ථාවර ගිණුමක් පවත්වාගෙන යෑමටත් කටයුතු කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon