මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදන තුරු ටිකක් ඉවසලා ඉන්න

  👤  3077 readers have read this article !
By mawbima 2018-04-20

නතර වී ඇති රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයන්න ශක්තිමත් රජයක් තව වසරක් යන විට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවනවා. එතෙක් ටික කාලයක් ඉවසන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මහතා පැවැසීය.


බළපිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපති එන්. සමන් ද සිල්වා පිළිගැනීම නිමිත්තෙන් බළපිටිය ප්‍රාදේශීය සභා ශාලාවේදී පසුගියදා පැවැති රැස්වීමක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසර එකහමාරයි වෙන්නේ. මේ කාලය තුළ ලංකාවේ දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට හැකිවුණා. ගාලු මහ නගර සභාව විතරයි දිනන්න සුළු ඡන්ද ප්‍රමාණයක් අඩු වුණේ. එහෙත් ගාල්ල මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන දහනවයේම බලය ලබා ගන්න අපට පුළුවන් වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ විතරයි. සියලු ආයතන දිනා ගන්න හැකි වුණේ. ගාල්ල දිස්ත්‍රික්කයේ අපට ඡන්ද තුන් ලක්ෂ ‍ෙදාළොස්දහසක් ලැබුණා.


සෑම කෙනකුගේ වගකීම පාට පක්ෂ භේදයෙන් තොරව වැඩ කිරීමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වුණාට පස්සේ අපට බලය තිබුණු පළාත් පාලන ආයතනවලින් වැරැදි සිදු වුණා. එහෙම අඩුපාඩු නැවත සිද්ධ නොවෙන්න මෙවර බලය දීල තිබෙන්නේ. අපට වගකීමක් තිබෙනවා ජනතාවට වගකියන පළාත් පාලන ආයතන බිහි කරන්න. පක්ෂ කණ්ඩායම් රාශියක් එකතු වෙලයි පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ. ඒ කිසිම පක්ෂයක් අපි අමතක කරන්නේ නැහැ.
අහුන්ගල්ල - ඒ. සිවනෙත්ති

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon