බාල වයස්කාර දැරියක අපහරණය කළ බස් කොන්‍ෙදාස්තර අත්අඩංගුවට

  👤  3098 readers have read this article !
By mawbima 2018-04-20

මොනරාගල - සංජීව බණ්ඩාර


බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් විසි හත් හැවිරිදි තරුණයකු දඹගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.


'මම පාසල නිම වෙලා ගෙදර යන කොට ඔහු බස් එකේ හිටිය අයට ටිකට් දෙනගමන් මගේ ළඟට ඇවිත් ඇහුවා ඔහු එක්ක යන්න එනවද කියලා.'
'මම හා කිව්වම පසුවදා ටවුන් එකට ඇවිත් යතුරුපැදියක නංවාගෙන ඔහුගේ සහෝදරියකගේ නිවෙසට රැගෙන ගොස් ඔහුත් එක්ක එකට ගත කළා' යැයි අපහරණයට ලක් වූ එම ප්‍රදේශයේ පාසලක 9 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරිය පොලිසියට පවසා තිබිණි.


සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විසි හතර හැවිරිදි තරුණයා පෞද්ගලික බස් රථයක කොන්‍ෙදාස්තරවරයෙකි. දඹගල්ල පොලිසිය පවසන්නේ වින්දිත දැරිය මෙම සැකකරු සමඟ වසරක් වැනි කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.


සිද්ධිය වූ දින දැරිය පාසල නිම වී සැකකරු සේවය කරන බසයෙන් නිවෙස බලා එන විට සැකකරු මෙම දැරිය ළඟට පැමිණ ඔහු සමඟ යෑමට එනවාද විමසූ විට ඊට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව පසුදා මෙම දැරිය අමතර පන්තියකට සහභාගි වීමට යැයි පවසා මඬුල්ල නගරයට පැමිණ සැකකරු සමඟ ඔහුගේ සහෝදරියකගේ නිවෙසේ දින කීපයක් නතර වී අඹු සැමියන් ලෙස එකට ජීවත්ව ඇති බවත් දඹගල්ල පොලිසිය මේ පිළිබඳ සිදු කරන විමර්ශනවලින් හෙළි කරගෙන තිබේ.


වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති අතර සැකකාර පෞද්ගලික බස් රථ කොන්‍ෙදාස්තරවරයා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත දඹගල්ල ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එඩ්වඩ් තිලකරත්න මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon