15න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන සඳුදා සිට මලයාසියාවේදී

  👤  2959 readers have read this article !
By mawbima 2018-04-20

ගමිත දෙහිපිටිය


ශ්‍රී ලංකාව, මලයාසියාව, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාවේ සහභාගිත්වයෙන් මලයාසියාවේදී පැවැත්වෙන අවුරුදු 15න් පහළ තන්කු ජෆාර් ශූරතා කුසලාන ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 23 වැනිදා සිට 28 වැනිදා දක්වා මලයාසියාවේ ක්‍රීඩාංගණ දෙකක් ආශි්‍රතව පැවැත්වීමට නියමිතය.


14 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලි ඉතිහාසයේදී ශ්‍රී ලංකාව පසුගිය වර ඇතුළුව 11 වරක් ශූරතාව දිනාගෙන ඇති අතර, 2008 වසරේ සිට නොකඩවා දස වරක් ශූරතා කුසලානය ශ්‍රී ලංකාව සතුව තිබීමද විශේෂත්වයකි.


23දා ආරම්භ වන මෙම තරගාවලියේ පළමු තරගයේදී මලයාසියාව හා බංග්ලාදේශයත්, දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාවත්, 24 වැනි දින මලයාසියාව හා දකුණු අප්‍රිකාවත්, එදිනම ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතරත් පැවැත්වේ.


තවද 25 වැනි දින මලයාසියාව හා ශ්‍රී ලංකාවත් එදිනම දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශයත් තරග වදින අතර, 27 වැනි දින අවසන් පූර්ව තරග දෙකත්, 28 වැනි දින අවසන් මහා තරගයත් පැවැත්වීමට නියමිතව ඇත.


තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය _ දුනිත් වෙල්ලාලගේ (නායක - ශා. ජෝෂප්), අභිෂේක් ලියනාරච්චි (ඩී.එස්. සේනානායක), ළහිරු චේතන (ශා.පීතර), අසිත වන්නිනායක (කටුගස්තොට-ශා.අන්තෝනි), කනික දයාරත්න (කොළඹ රාජකීය), ශක්ති උදාර (හංවල රාජසිංහ විදුහල), ටෙහාන් පෙරේරා, මිනෙත් ප්‍රේමරත්න (කොළඹ ආනන්ද), මිතිර තෙනුර (කළුතර තිස්ස), තරිඳු අමරසිංහ (මොරටුව වේල්ස් කුමර), රන්දුල දසුන් (පානදුර මහානාම), රනුද සෝමරත්න (ත්‍රිත්ව), රන්දුනු එදිරිසිංහ (රත්නපුර කුමර විදුහල), නිමාන් උමේෂ් (කොට්ටාව ධර්මපාල)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon