16 දෙනා විපක්ෂයේ වාඩි වන බව දන්වා නෑ

  👤  2850 readers have read this article !
By mawbima 2018-04-20

උපතිස්ස පෙරේරා


ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් පිරිස විපක්ෂයේ අසුන් ගන්නා බවට මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් කර නැතැයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කරයි. කෙසේ වුවද මීළඟ පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ විට ඔවුන්ට විපක්ෂයේ අසුන් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු බාධාවක් නැතැයිද හෙතෙම පෙන්වා දෙයි. මීළඟට පාර්ලිමේන්තුව රැස්වෙන දිනය සඳහන් ගැසට් පත්‍රයක් මේ වන විට නිකුත් කර ඇතත් පාර්ලිමේන්තුව රැස්වන වේලාව එහි සඳහන් නොවීම නිසා දැනට විදේශගතව සිටින ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය සහ වේලාව ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කරන බවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon