මහ මැතිවරණයක් හැර වෙන විකල්පයක් නෑ

  👤  2866 readers have read this article !
By mawbima 2018-04-20

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය


මේ වන විට රටෙහි නිර්මාණය වී තිබෙන අස්ථාවරභාවය සැලකිල්ලට ගත් කල ආණ්ඩුව කළ යුත්තේ වහාම මහ මැතිවරණයකට යෑම බවත් ඒ හැර වෙනත් විකල්පයක් නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා "මව්බිම"ට පැවැසීය.

ආණ්ඩුව මැතිවරණ නොපවත්වනවා නම් මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට බල කරන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.


ආණ්ඩුව මැතිවරණ නොපවත්වනවා නම් ඊට එරෙහිව ජනතාව සමඟ උද්ඝෝෂණ කිරීමට තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා පැවැසීය.
රටෙහි ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් විදේශ ආයෝජකයන් පවා මෙරටට පැමිණීමට මැළිකමක් දක්වන අතර මේ නිසා මෙරට ආර්ථිකයටද එමඟින් විශාල බලපෑම් ඉදිරියේදී එල්ල විය හැකි බවද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


එම නිසා ස්ථාවර රටක් ගොඩනැඟීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව වහාම මහ මැතිවරණයකට යා යුතු අතර එමඟින් දැනට අස්ථාවර වී ඇති වත්මන් රට ස්ථාවර භාවයකට රැගෙන ආ හැකි බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා "මව්බිම"ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon