එජාප තනතුරු වෙනස ඉදිරි දින 10 තුළදී

  👤  2907 readers have read this article !
By mawbima 2018-04-20

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර, උපතිස්ස පෙරේරා

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලේම පුරප්පාඩු සම්පූර්ණ කිරීම ඉදිරි දින 10 තුළදී සිදුවෙයි.

මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කමිටුව විසින් කරන ලද නිර්දේශ අනුව එජාප සභාපති, මහ ලේකම්, භාණ්ඩාගාරික හා ජාතික සංවිධායක යන තනතුරු මුළුමනින්ම වෙනස් කිරීමට නියමිතය.


එජාපයේ ප්‍රධාන තනතුරු සඳහා අලුතින් පුද්ගලයන් පත් කළ යුතු බවටද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කමිටුව නිර්දේශ කර තිබේ.
පක්ෂ මහ ලේකම් ධුරය සඳහා තරුණ කැබිනට් ඇමැතිවරයකු පත් කිරීමටත් ජාතික සංවිධායක ධුරය වඩාත් ප්‍රබල තනතුරක් ලෙස පූර්ණ බලතල සහිතව පවත්වාගෙන යෑමටත් නියමිත බව "මව්බිම"ට වාර්තා විය.


එම ජාතික සංවිධායක ධුරයටද තරුණ කැබිනට් ඇමැතිවරයකු පත් කරනු ඇතැයි වාර්තා වේ.


රංජිත් මද්දුම බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක යන අමාත්‍යවරුන්ගේ නම්, තනතුරු සඳහා නිර්දේශ කිරීමේදී මුල්තැන්හිලා සඳහන් වූ බවද කියැවෙයි.
කෙසේ වෙතත් දෙවැනි වරටත් ඊයේ (19දා) සවස එජාප පූර්ණ ප්‍රතිසංවිධාන කටයුතුවලට අදාළව පත්කළ දේශපාලන මණ්ඩල නියෝජිතයන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මැඳුරේදී පැවැත්විණි.


මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා ප්‍රකාශ කළේ අමාත්‍ය රුවන් විජේවර්ධන කමිටු නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කරමින් එජාපයේ උඩු යටිකුරු වෙනසක් ඉදිරි දිනවල සිදුවනු ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon