විදෙස් සංචාරකයෝ සීගිරිය අවුරුදු උළෙලේදී අලියා සමඟ කඹ අදිති

  👤  3456 readers have read this article !
By mawbima 2018-04-23

දඹුල්ල - කේ.කේ. ආරියදාස

දේශීය හා විදේශීය සංචාරකයන්ට තරග වැදීමට හැකිවන පරිදි සිංහල අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් පැවැති අවුරුදු උත්සවයකදී සීගිරිය බලන්න ආ සංචාරකයෝ අලියකු සමඟ කඹ ඇදීමේ තරගයකට සීගිරිය පර්වතය පාමුලදී එක්වූහ.


මධ්‍යම සංස්කෘතික අරමුදල හා දඹුල්ල සීගිරිය සංචාරක ප්‍රවර්ධන සංගමය මේ අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි. මේ අතර දේශීය සංචාරකයන් වෙනුවෙන්ද තරග පැවැත්විණි. විදේශීය සංචාරකයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ලබාගැනීම සහ විදේශීය රටවල දේශීය අලුත් අවුරුදු උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා මේ අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.
මේ තරග අතර දේශීය, විදේශීය සංචාරකයන් වෙනුවෙන් අලියා සමඟ කඹ ඇදීම, කණා මුට්ටිය බිඳීම, රබන් ගැසීම විනෝදාත්මක තරග රැසක් සූදානම් කොට තිබිණි.


මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන්ගේ දුවා දරුවන් වෙනුවෙන්ද තරග රැසක් සංවිධානය කොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon