සුළං බාධකයක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඇමැති රංජිත් සියඹලාපිටිය කියයි

  👤  3283 readers have read this article !
By mawbima 2018-04-23

හර්ෂනී අර්සකුලරත්න


නොරොච්චෝලේ තාප බලාගාරයෙන් පිටවන ගල් අඟුරු දහන අළු වායුගෝලයට මුසුවීම පාලනය කිරීම සඳහා ඉදිකළ සුළං බාධකයේ වැඩකටයුතු සියල්ල අවසන් බවත් එය කඩිනමින් ක්‍රියාවට නංවන බවත් විදුලිබල, පුනර්ජනනීය බලශක්ති හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.


පුත්තලම දිස්ත්‍රික්කයේ වියළි කාලගුණික තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතා ගැටලු පිළිබඳ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව පැවැසීය.
එම සාකච්ඡාව පසුගියදා (20දා) පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


එම සුළං බාධකය ක්‍රියාත්මක කිරීම හරහා පුත්තලම දිස්ත්‍රික්කයේ උද්ගතවී ඇති ගැටලුවට විසඳුමක් ලැබෙන බවද ඇමැතිවරයා පැවැසුවේය.


එසේම පුත්තලම දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩා විඳි පවුල් 1,67,000ක් සඳහා රුපියල් මිලියන 485ක ආධාර මේ වන විට ලබාදී ඇති බවද හෙතෙම පැවැසීය.
එහිදී ආධාර නොලැබූ අයගේ තත්ත්වය සොයා බලා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසද අදාළ බලධාරීන්ට ඇමැතිවරයා උපදෙස් දී තිබේ.


එසේම එම ප්‍රදේශයේ පානීය ජලය ලැබිය යුතු පවුල් 25,000ක් සඳහා පානීය ජලය ලබාදීමට මේ වන විට කටයුතු කරමින් පසුවන බවද ඔහු පැවැසුවේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon