මිරිස්සේ අනවසර ඉදිකිරීම් මැයි 1 වැනිදා ඉවත් කරන්න යයි

  👤  3381 readers have read this article !
By mawbima 2018-04-23

උදයන්ති මුණසිංහ


මිරිස්ස ප්‍රදේශයේ සියලුම අනවසර ඉදිකිරීම් එළැඹෙන මැයි 1දා ඉවත් කරන බව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.
සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කෙළේය.


අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම මිරිස්ස ප්‍රදේශයෙන් ආරම්භ කොට රට පුරා ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කෙළේය.
දැනට මිරිස්ස ප්‍රදේශයේ පමණක් අනවසර ඉදිකිරීම් 17ක් හඳුනාගෙන තිබෙන බවත්, එම ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙස අදාළ පුද්ගලයන්ට දැනුම්දී පොලිසියට පැමිණිලි ඉදිරිපත් කොට තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.


තංගල්ල, අඹන්වැල්ල ප්‍රදේශයේ සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවල දැනටමත් අනවසර ඉදිකිරීම් ඉවත් කොට තිබෙන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon