අක්කර 40ක් විනාශ කරමින් පැතිරුණු ගින්න පිළිබඳව පරීක්ෂණයක්

  👤  3241 readers have read this article !
By mawbima 2018-04-23
මඩුකන්ද - දීපාල් බණ්ඩාර, මුලතිව් - ශෂි කුමාර්,
ඕමන්ත - ශේෂලා අමරසිංහ

මුලතිව්, කේප්පාපිලව් රක්ෂිත සීමාවේ හටගත් ගින්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ගින්න හේතුවෙන් අක්කර 40කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ. 20 වැනිදා සවස මේ ගින්න හටගෙන ඇති බවපොලිසිය පැවැසුවේය.

ගින්න කිසියම් පුද්ගලයකු සිදුකළ ක්‍රියාවක්ද නැතහොත් ස්වාභාවිකව හටගත් ගින්නක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති බවත් පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
ගින්න හට ගැනීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද හමුදා සෙබළුන් වතුර බවුසර් හා කොළ අතු මඟින් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.
මුලතිව් පොලිසිය ගින්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon