අලුත් සැසිවාරයකට පාර්ලිමේන්තුව කල් තැබීම විශාල පාඩුවක්

  👤  3420 readers have read this article !
By mawbima 2018-04-23

හර්ෂනී අර්සකුලරත්න


නව සැසිවාරයක් සඳහා පාර්ලිමේන්තුව කල් තැබීම හරහා රජයේ වංචා දූෂණ සෙවීම සඳහා පත්කළ කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු කමිටු අහෝසි වී යෑම විශාල පාඩුවකැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා පවසයි.


මෙසේ පාර්ලිමේන්තුව කල්තබනවාත් සමඟ න්‍යාය පත්‍රයේ ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් සියල්ලද අහෝසි වී යන බවද නීතිඥවරයා පැවැසුවේය.


ඒ අනුව ජවිපෙන් ගෙන ඒමට නියමිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන සංශෝධනය, විගණන කෙටුම්පත, විනිමය හා සුරැකුම්පත් පිළිබඳ නව කෙටුම්පත ඇතුළු කෙටුම්පත්ද අහෝසි වී යන බවද හෙතෙම පැවැසීය. මෝසම් ගෙනැවිත් නැවත අලුතින් එම කෙටුම්පත් ගෙන ඒමට සිදුවන බවද ඔහු පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon