වෙසක් සැමරුම් මුද්දරය 29දා එළි දකී

  👤  3350 readers have read this article !
By mawbima 2018-04-23

කුමුදු උපුල් ශාන්ත, බලපිටිය - දම්සරී ලියනගේ


කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ මස 29 දින පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් සැමරුම් මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.


මුද්දර සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ මහතා මේ මුද්දරයේ නිර්මාණකරුවා වන අතර බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානය එමඟින් නිරූපණය කෙරේ.


මේ මුද්දරයේ වටිනාකම රුපියල් 12.00ක් වන අතර මේ වෙසක් උත්සවයට සමගාමීව මීට පෙරදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව සංසරණ මුද්දර දෙකක්ද එළිදක්වන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon