එජාපයේ වෙනසක් විය යුතුයි ඇමැති නවීන්

  👤  3366 readers have read this article !
By mawbima 2018-04-23

උපතිස්ස පෙරේරා


පාක්ෂිකයන් අපේක්ෂා කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂය තුළ වෙනසක් සිදුවිය යුතු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.


මල්වතු මහනාහිමිපාණන් වහන්සේ පෙරේදා (21දා) බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ සහ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයකගේ විශ්වාසය දිනාගෙන සිටින අමාත්‍ය නවීන් දිසානායක මහතාට පක්ෂයේ ඉහළ වගකීමක් පැවරිය යුතු යැයි එජාප දේශපාලන මණ්ඩලයේ බහුතරයකගේ අදහස වී ඇති බවත් ඒ පිළිබඳව අද (23දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන එජාප දේශපාලන රැස්වීමේදී අවසන් තීරණයකට එළඹෙනු ඇති බවත් එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon